එක තප්පරේකට එයා මා දිහා බැලුවේ නෑ කෙලින්ම ඉස්සරහ බලාගන එයා සෙයින්ගේ ඔෆිස් එකට ගියා" රොජර් එම් කියන්නේ මහ දරුණු මිනිහෙක් මිස් "
ඔෆිස් එකේ වැඩ වල හිටිය හතර පස් දෙනෙක් මට රොජර් ගැන කියලා දෙන්න වට උනා
" ගිය මාසේ එයා කම්පැනි එකේ තොරතුරු පිටට දුන්නා කියලා මිනිහෙක්ව අස් කරා , අඩුම ගානේ ඒ මිනිහට තව එක චාන්ස් එකක්වත් දෙන්න එපැයි අනික දරු පවුකාරයෙක් "
රොජර් මහා නරක වැඩක් කරා වගේ මම ඇස් ලොකු කරගත්තා ඒත් එයා කරපු දේ හරි කම්පැනි එකේ තොරතුරු පිටට දීලා ඒ මිනිහා හොදට හම්බකරගන්න ඇති , දරු පවුල්කාරයෙක් කියලා විශේශ සමාවක් දෙන්නෙ මොකටද?? පාරේ බඩු අදින , ගඩොල් අදින දුප්පත් මිනිස්සුත් දරු පවුල්කාරයෝ තමා ඒත් ඒ මිනිස්සු හොරකන් කරනවද ?? රොජර් හිටිය තැන මම , කෙයිරා හිටියා නම් ඔය මිනිහට දෙක තුනක් ඇනලා යවන්නේ කන්න දුන්න අත හපා කන බල්ලෝ
" ඒක නම් ඇත්ත ඒ මිනිහාගෙ මූනෙ හැටි ලේ බින්දුවක් නෑ මූනේ "
" ඔච්චර හම්බ කරන්නේ කාට දෙන්නද දන්නෑ කසාදයක් තියා කෙල්ලෙක්වත් නෑනේ"
" ගෑනු ලමයි කැමති වෙයිද ඔය වගේ සාතන් කෙනෙක්ද "
මගෙ ඇස් ගැස්සුනා , මම ආස ඒ වගේ සාතන් කෙනෙක්ටනේ කියලා මටම මතක් වෙද්දි මගේ ඇස් සෙයින්ගේ ඔෆිස් එකේ දොර ගාවට ගියා එ වෙලාවෙම මූනේ හිනාවක් පුරෝගත්ත සෙයින් මූනේ බොරු හිනාවක් දාන් ඉන්න රොජර් එක්ක එලියට ආවා
" ගයිස් මේ අපේ අලුත් පාට්නර් රොජර් එම්.... මිස්ටර් රොජර් මේ අපේ මේන් ස්ටාෆ් එක මේ මගේ ෆියුචර් වයිෆ් ලෝටස්"
ඒ පාර එයා කෙලිම්ම මගේ ඇස් දිහා බලලා ඊලග තප්පරේ අහක බැලුවා
" ඔයා එක්ක වැඩ කරන එක සතුටක් මිස්ටර් සෙයින්... "
ආය බොරු හිනාවක් දාන් එයා සෙයින්ට අතට අත දුන්නා
" එක්ස් කියුස් මී "
මා එක්ක රොජර්ට බැන්න අය දැන් හායි හූයි ගගා දෙකට නැමීගන කතා කරද්දි මට මහ පිලිකුලක් දැනුනා එයාලගෙන් අයින් වෙලා මම එලියට ගියා
YOU ARE READING
Midnight Rain
Romance"මට ඕනේ ලෝකේ වෙනුවෙන් මැරෙන කොල්ලෙක් නෙමේ මම වෙනුවෙන් ලෝකේ විනාශ කරන කොල්ලෙක්... ඔයාට හිතන්න පුලුවන් මම හීරෝට බූට් එක තියලා විලන් ගාවට ආවා කියලා" - කෙයිරා මෙලෝනී - " ක්වීන්.... ප්රින්සස් කෙනෙක්ට වඩා මගේ ලයිෆ් එකට ගැලපෙන්නේ ක්වීන් කෙනෙක් ඔය ප්රින්...