3.පරිච්ඡේදය

3 1 0
                                    

" සිහිනි? මොකක්ද දන්නේ නෑ සම්පුර්ණ නම? නින්දේදී සිහිනි නොපෙනුණි ද දන්නේ නෑ නෙ බං "

හෂ් ගෙ කාටවචාලකම නම් අර මොකේද දාල වත් කෙලින් කරන්න බැරි මොකද්ද වගේ. හිමීට මගේ විතරක් ඇහෙන්න කිව්වා. මේ.. න් නෑ හැබැයි. ඒක මගේ කනට විතරක් නෙමේ ඇහුනේ. ඕනෙම කෙනාට ගානට ඇහුනා කියපන්කො දැන්.

" what? "

සිහිනිට ලාවට ඇහුණි. හෂ්මරීට කෙල වුණි. දුවන්න පාරේ ඉඩත් නැති.

" ah nothing. Just... Hee hee "

හී හී තමා. ලැජ්ජාවනේ දැන් ඉතින්. නතින් හුතින් කීවට කෙල්ලෙක් නිසා බේරෙන්න පුළුවන් ඉතින්. ඒත් දැන් නිකම් ලෙල්ල ගිය දොඩම් බික වගේ.

" ඔයාලා... රාධ්‍යා ඇන්ඩ් හෂ්මරී කිව්වා නේද? Nice to meet you girls. "

" hi මම ටියාශී "

සිහිනිට පස්සේ අනිත් කොණ්ඩේ විහිදගෙන හිටපු කෙල්ලත් ඒ වගේ එයාව අඳුන්නලා දුන්නා. හොඳයි හැබැයි. එහෙම හරි එකෙක් දෙන්නෙක් මෙතන කතා කරපු එක.

" nice to meet you. same to you. Thank you. Ela. "

හෑ... අම්මටා..... මේ මොකද්ද මේ කීවේ? හෂ්මරී උඹ නම්... නම්බුව බම්බුව ගානට දාල බඩඉරිඟු කරලක් වගේ උණුවෙන්ම කෑවා යකෝ තෝ. මෙකී කියෝන ඒවාට අර කෙල්ලෝ දෙන්නට ඉතින් හරි හිනා. හ්හ් හිනා? හිනා නෙමේ මේ මොන ගොබ්බ හැත්තක්ද කියල බලනවද දන්නෙත් නෑ. චිකේ.. අපිටයි ලැජ්ජාව.

" ම්ම්ම්... අපිට නිල නාමයන් තියෙනවා. ඒවා සැහෙන කල් ඉඳන් register වෙලා තියෙන්නේ. මං හෂ්. මේ ඉන්නේ එතකොට රාධා. සෝක් නෙහ්? "

සෝක් සෝක් පො&න්න ගැනියේ කිව්ව කතාව. හරිම සෝක්. එහෙම නිල නාමයන් ආගන්තුක ලමිස්සියන්ට කියනවද? අල්ලා ම බලා ගන්ඩෝනේ මේවා.

" ඕ.... Okay then. හෂ්මරී... අ.. I mean හෂ්! You looks so cute අප්පා... "

ටියාශී ඔහොම කියනකොට මගේ කට කොනට ආපු හිනාව බලන්න තිබ්බේ. ගොම පාර්සලේකට මොකෙක්හරි අන්න දියමන්ති පාර්සලයක් කිව්වා වගේ කැත නොන්ඩි හිනාවක්. ඇත්තටම මට හිටි ගමන් එලි පනින ඒ වගේ කැත හිනාවක් තියෙනවා. ඒක මට නම් ලස්සනයිත් වගේ. එකත් එකට හත්තලාමේ හෂ් ගෙ මූණ. අන්න අර කියපු ගොම පාර්සලෙන් දීලා ඇරලා වගේ මූණ.

You've reached the end of published parts.

⏰ Last updated: 5 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

(UN)CONDITIONAL DATING - (අ)සීමාන්තික ආදරයක්‌ ✔️Where stories live. Discover now