බාර් එකට ගිහින් බියර් බෝතල් දෙකක් අරන් අපි දෙන්නා එක්ක 4 වගේ වෙද්දි බීච් එකට ගියා.වීල් එක පාක් කරලා බියර් ටිකත් අරගෙන අපි දෙන්නා එක්ක බොන්න හොඳ තැනක් බලන ගමන් බීච් එජ දිගෙ ඇවිදගෙන ගියා.
" අද පරක්කු වෙන්නෙ නැද්ද උබට යන්න." මන් ඌ දිහා බලන ගමන් ඇහුවා.
" නෑ අයියෙ 7 වෙනකන් බස් තියේ තාම 4යිනෙ."
" ඔව් නේ තව පැය තුනක්ම තියෙ."
" ඔව් අයියෙ. අනික පරක්කු උනත් කමක් නෑ. ඔයාලෑ ගෙදර ඉන්න පුළුවන් නෙ මට" ඌ මට ඇහැක් ගහන ගමන් කිව්වා.
" අනේ පකෝ මේ. අම්බලමක් දාල කියල හිතුවද..."
" හරි හරි ඒයි විහිලුවක් කරේ ඉතිං "
" අහ් මල්ලි අතන හොඳයි නේ." මන් හෙවණට තිබ්බ වැටකෙයියා ගස් ටිකක් පෙන්නල කිව්වා.
" ඔව් අවුලක් නෑ අයියෙ එතන හොඳයි. "
අපි දෙන්නත් එක්කම ගහ ගාවට ගිහින් බියර් ටික බිමින් තියලා වාඩි උනා. මන් ඒත් එක්කම ෂර්ට් එක ගලවලා දැම්මෙ මුහුදු හුළඟ ඇඟට වැදි වැදී බිව්වම ආතල් එක වැඩි නිසා.
" ඒ ෂර්ටුත් ගලවනවද ? "
" නැතුව යකෝ... හුළං පාර පපුවට වැදුනමනෙ ආතල්"
" හරි අසාධාරණයි අප්පා. මට මේ ඔෆිස් ෂර්ට් එක ගැලෙව්වොත් ආයෙ මුල ඉදන් හදාගන්න වෙනවා එනිසා මට ගලවන්න බෑනෙ ෂර්ට් එක. "
" ඉතිං උබ ඔහොම බීපන් "
" බෑ මටත් හුළං පපුවට වැදි වැදි බොන ආතල් එක ගන්න ඕනෙ."
ඌ එහෙම කියාගෙන යද්දි පට්ටම කියුට්. මට ඌව ඇදලා අරන් කම්මුල මිරිකන්නත් හිතුනා.
" ඒ මොනවද කල්පනා කරන්නෙ ? " ඌ ඇහුවෙ මට තට්ටුවක් දාලා.
මන් මොකුත් නොකියම ඌට ලං වෙලා ඌ ඇඳන් හිටපු ෂර්ට් එකේ බොත්තම් එකින් එක ගලවලා දැම්මා. ඌත් මොකුත් නොකියම මට ඉඩ දීලා හිටියා.
" දැන් හරිනෙ.. උබෙ පපුවටත් හුළං පාර වදී. " මන් එහෙම කිව්වම ඌ මොකුත් නොකියා හිනා වෙලා බෑග් එකෙන් බියර් එකක් අරන් කඩලා මට දීලා ඌත් එකක් කැඩුවා.
YOU ARE READING
බජාර් 02
Romantikබජාර් 02... හංදියේ ත්රීවිල් පාක් එකේ ත්රීවිල් එලවන ඉමන්තගෙයි... අහම්බෙන් හයර් එකක් යන්න ඉමන්තගෙ වීල් එකට ගොඩවෙන සුහාන්ගෙයි කතාව කියවන්න එකතු වෙන්න...