ලිලී සහ හේස්

7 2 0
                                    

මගේ නම ලීලී
මම ජීවත් වෙන්නේ හමිචි කදු මුදුනේ තියෙන මගේ පුංචි පැල්පතේ.මේ මුලු අයිශ්මාවේම තියෙන ලස්සන කන්ද තමයි හමිචි කන්ද.මෙහේ හැම උදෑසනක්ම හරි ලස්සනයි , ප්‍රබෝධමත්
ඒ වගේමයි රෑත්

අදත් උදේම මන් නැගිටලා ජනේලෙන් එලිය බැලුවා.මේ වසන්ත කාලය.
මුලු කදු යාය පුරාම බටර් කහ පාට ප්‍ර්‍රීමියම් රෝස , වයලට් මල් , මෝනිංග්ලෝරි මල් වගේම රතු පාට කෝන් මල්.හරියට විවාහ මංගල්‍යයක් වගේ .හරිත පලස උඩ පාට පාටින් මල්

මන් සුපුරුදු විදියට මගේ
රතු පාට ෆැනල් රෙද්දේ කහ වූල් වලින් හැඩ වැටුනු දිග ගවුම ඇදලා.කලු පාට බූට් දෙකත් දමා ගත්තා.ඒ තාත්තගේ ගොවිපොලට යන්න.මගේ දවසේ මුල්ම රාජකාරිය ගොවිපලේ ඉන්න බැටලුවන්ට තනකොල කවන්න එක්කන් යන එක

මන් ගව මඩුවට ගිහින් බැටලුවෝ ටිකත් දක්කගෙන පහල ඇල ඉවුරට ගියා.ගිහින් උන්ව නිදහස් කරලා මමත් තණ බිස්සෙ ඇලවුනා.

' අද නම් මේ ගස් වැල් මාත් එක්ක හිනා වෙනවා වගේ.අනෙ මට හැමදාම මේ වගේ සතුටින් සැනසීමෙන් ඉන්න පුලුවන් වේවා දෙවියනේ... '

බැටලුවෝ නිදහසේ එහා මෙහා දුවමින් තනකොල කන දිහා මන් බලන් හිටියා.
ඒත් එක්කම මට පිටිපස්සෙන් ඇහුනා කටහඩක්.ඒ කටහඩ හරි ගැබුරුයි

" මේ ලීලී ද ? "

මන් පිටිපස්ස හැරිලා බැලුවා
ඉර එලිය අතරින් මන් දැක්කේ
අනේ... කොහොම නම් විස්තර කරන්න ද
නිල් පාට දිලිසෙන ඇස් දෙක,
රතු පාටට හුරු හුලග එක්ක දගලන සිනිදු කොන්ඩේ , හිනා වෙනකොට කම්මුලේ පැත්තක් වල ගැහෙනවා
උසට හරියන මහතත් , පුළුල් උරහිසත්
වචනයේ අර්ථයෙන්ම
ඔහු නියම තරුණයෙක් .ඔහු මායාවක්
එක් මොහොතකට මාව ගොලු උනා.

" හෙලෝ ! ඔයා නේද ලිලී කියන්නේ අර ගොවිපලේ ගෙදර ජීවත් වෙන්නේ ? "

' ඔව් ඔව් මන් ලිලී '
මම ආමරුවෙන් අකුරු අමුණලා උත්තර දුන්නා.

" මම හේස් ඔයාලගේ ගෙදර අලුතින් කුලියට ආවේ මන්"

එහෙම කියන ගමන් ඔහු මට අතට අත දුන්නා. ඔහුගේ අත් සියුමැලි අලුත උපන් ළදරුවෙකුගේ වගේ.

ලිලීWhere stories live. Discover now