කදු මුදුනට ගමනක්

5 1 0
                                    

" ලිලී,ඔය මල්ල ඇතුලෙ මොනවද තියෙන්නෙ. "

'ආ... කදුකරයට යන ගමනෙ දි ටිකක් මහන්සි දැනෙයි. ඒක නිසා මම කෑම ටිකක් ගෙනාවා.
"ඕඕ... ඒක නම් හොදයි. මට එහෙම දෙයක් නිකමටවත් මතක් වුනේ නෑ නේ."

' ඔයාට මොනාද දැන් බලන්න දැනගන්න ඕනේ '

" හැමදෙයක්ම " මගේ මූනට එබී බලමින් ඔහු පැවසුවේය.

එයින් ලජ්ජාවට පත් වූ මගේ මුහුනට ලේ පිරීයනු මට දැනුනි.

" ලිලී ඇයි මේ මූන රතු වෙලා ? "

' ටිකක් සීතලයි ඒකයි '

" එහෙනම් අපි හෙට එමු "

' නෑ නෑ මේක ටික වෙලාවකින් හරියයි . '

" විශ්වාසද ඔයාට ? "

' ඔව් . මන් මුලින්ම ඔයාට මේ අවට ගෙවල් වල ඉන්න අය ගැන කියන්නම් '

" හොදයි "

'පහල තියෙන ගෙදර ඩග්ලස් නෝනගේ ගෙදර . එහේ ඉන්න විලියම් මාමයි. ඩග්ලස් නෝනයි . එයාගේ පුතා පීටරුයි '
' අර උඩහ තියෙන ගෙදර මැඩිල්ඩා නැන්දගේ . එයා අපෙ අම්මගේ නන්ගි. එයාගෙ දුව තමයි ඈන් අපිට උදේ හම්බ වුනේ '

" ඕ.. හෝ.. ඒ කෙල්ලගේ නම ඈන්ද හරි ශෝක් කෙල්ලෙක් "

ඔහුගේ ඒ වචන වලින් මගේ පපුවට සියුම් වේදනාවක් දැනුණි. හේස් ඈන් ගැන හොද පවසන විට මට රිදෙන්නේ ඇයි ? මම මුහුනට සිනහවක් ගෙන නැවත කතාව පටන් ගතිමි

' ඊට එහා තියෙන්නේ මේරියන් ආච්චිගේ ගෙදර, ඇයට දරුවෝ නෑ . ග්‍රිෆිත් සීයා නැති වුනාට පස්සේ මේරියන් ආච්චි තනියම ජීවත් වුනේ'
'අර පැත්තෙන් තියෙන ගෙදර ඉන්නේ ජේඩන් පවුලේ උදවිය , ඒකට පහල ගෙදර ඉන්නේ ගොපල්ලෙක් විතරයි. ඔවුන් අපේ අසල් වාසින් උනත් වැඩි ආශ්‍රයක් නැහැ '

" ලිලී ඔයාලා හරි නිදහසේ ජීවත් වෙනවා නේද මේ කන්දේ "

' ගොඩක් අයට එහෙම තමා පෙන්නේ . ඇත්ත මේ කන්දේ ජීවිතය නිදහස් හැබැයි ගොඩක් දුෂ්කරයි. '

ඔහු සිනාසෙයි. උත්තර දිය නොහැකි ප්‍රශ්න හමු වේ ඔහු කරන්නේ සීනාසීම පමනකි.කෙමෙන් කෙමෙන් අප කදු මුදුනේ එක් පාර්ශ්වයකට පැමිනියේය. එතැන විශාල ඉඩක තනබිස්සකින් වට වුනු පිට්ටනියකි.

ලිලීWhere stories live. Discover now