07

35 5 2
                                    

රෑ නවයා මාරයි වේලාව ....මායි පොඩි හිටියේ බත්තරමුල්ල හරියේ ..... පොඩි එක සැරේ බ්‍රෙක් තද කරලා බලපු දිහා බලපු මටත් වෙන්නේ මොනාද කියන එක හිතා ගන්න බැරි වුනා

......එතන වුන්නේ......

කව්ද කියලා මට පැහැදිලිව පෙන්නේ නැති හැටියක් .....

"තුදුමාත්තයානේ අර....."

"මොක ..මොකා...."

සුදුමහත්තයා කියලා ද දැන් මූ කිව්වේ
.....හෑ .... මොකාටද මේ මූ සුදුමහත්තයා ගාන්නේ.....

මූ බැරි වේලාක් හරි කොල්ලන්ටත් කැමතිද.....

එව් ....යකෝ මූ එතකොට දැන් රන් කරන කෙල්ලෝ ටිකට මොකද වෙන්නේ.....

දැන් දැන් මූත් එන පොට හොද නෑ

මෙච්චර වේලා හැඩල් එකට තද කරන් හිටිය එකාගේ  දකුනතේ චුට්ටක් වවාගෙන හිටිය මහාපොට ඇගිලේ නියපොත්ත ඌටත් නොදැනීම දත් අස්සෙ හිරකරගෙන තිබ්බා.....

පාර මැද බයිස් කොප් බල බල මූ මොන සන්නියක්ද නටන්න යන්නේ ඒ පාර.....කටෙන් එකයි හිනාව .....

එත් ඒ හිනාවට වැඩි ආයුෂ නැද්ද කොහෙදෝ පොඩිගේ මුණ අමුතු වුනේ හිතන්නත් කලින්.....

"ඒ ....ඒ පොඩි කොහෙද ඔය දුවන්නේ හිටපං පගයෝ ....."

යකෝ මේ බුරුවා මං පිටිපස්සේන් ඉද්දිමනේ මේ එක සැරේ බයික් එකෙන් පැන්නේ .....මුගේ .....

මට අපස්මාරේට වගේ ආවේ එක සැරේම පඩුපුල් ආසනේ රත් වුනා වගේ පැනලා දිව්ව පොඩියා නිසා.....
හැබැයි මූ සක්‍රයා නම් නෙමේ මූට දේව ගති ගැවිලාවත් නෑ උපන්නේත් රාක්ෂ කුලේට......

තප්පර ගානයි ගියේ...... එත් එක්කම මං ගාවට කනක් අල්ලන් මොන්ගල් පාට් එකක් දාන් ආපු කෙනා මාව තවත් පුදුම කරා .....

වේනදාට වඩා වෙනස් ....නාපු ගමන් වගේ කොන්ඩේ පහතට පිරලා .... කොට කලිසමට කලු ශට් එකක් සිතල නිසාදෝ දාගත්තු සුදු ජසිය නිසා එයා අවුරුදු දාහතක දා අටක පොඩි ඇට්ටර පාටක් ගත්තා.....

"ලොකු .... වලව් මහා ගෙදර ගියාද...."

කන අල්ලන් පිටි පස්ස හැරි හැරි බලපු සුද්දා මගේ ඉස්සරා ඉදන් කතා කරද්දී පුරුදු විදියට ඒ අත් සාක්කු අස්සේ හංග ගත්තා ....එත් එක්කම පොඩ්ඩක් ඉස්සරාට පස්සට පැද්දුනා ....හරියට ලොකු හිතලක් එයා ගාව කැරෙකෙනවා වගේ......

සුචාර්‍ය ( Complete )Where stories live. Discover now