❤මලවි❤
Episode no .1ප්‍රාතිහාරී නුරා ගේනා
මීන දෑසේ මවා ආශා
රූපසාරී මැවී පේනා
මන ආශා රටා පානා
හිත පෑහී සොබා
ගේනා .නේත්‍රා මානනා
සිත පාරා පෑ සිනා
සීමා නෑ සිතා
ඉඟි පානා දෑ සිනා
සිහින යායේ සරා මාහා
එනවාදෝ මවා සේයා
ප්‍රේම හීනේ සොබා ගේනා.පොතකුත් අතේ තියන් පාක් එකේ බංකුවක වාඩි වෙලා කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටපු '' මාදු " මෙච්චර ලොකු
වෙලා පියවිලා තිබ්බ තම නෙත් හැරලා අවටින් ඇහන ගීතයට කන් යෙමුවේ ඒක නිකන් ඕඩියෝ එකක්ද නැත්තං
ඇත්තටම මේ දැන් කෙනෙක් කියන සිංදුවක්ද කියලා දෙගිඩියාවෙන් .... ඒ තමන් මෙව්චර වෙලාවක්
කල්පනා කර කර හිටපු දේත් තමාට ආයාසයෙන්ම අමතක වෙලා යද්දි ... ටික වෙලාවකින් මාදු ප්‍රකෘති සිහියට
ආවේ ෆෝන් එකේ නොටිෆිකේශන් සවුන්ඩ් එකට.
ඒත් ප්‍රකෘති සිහියට ආපු කෙල්ලට තමා ගැනම ලොකු තරහක් ආවා ..
' ඔහ් ඇත්තටම උඹට පිස්සුද මාදු මේ කොහෙවත් යන සිංදුවක් අහගෙන ඉන්නෙ ... මෙහෙම ගියොත් මම කවදා
ස්ක්‍රිප්ට් එකක් ලියලා මිස්ටර් සිංහබාහුට දෙන්නද . "
කෙල්ල තමන්ටම කොදුර කොදුර බැන ගත්තේ තම ඔලුවට ටොක්කක් ඇනගෙනමයි ...
කෙල්ල ටොක්කක් ඇනගෙන ආයෙමත් කල්පනා කරන්න පටන් ගත්තා ..මාදුට ඕන හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියලා
මිස්ටර් සිංහබාහුට දෙන්න ... සිංහබාහු කියන්නෙ ෆිල්ම් ඩිරෙක්ට කෙනෙක් ..ඒකයි මේ කෙල්ල මොලේ කලත්ත කලත්ත කල්පනා කරන්නේ ... කෙල්ල ස්ක්‍රිප්ට් එක ලියන්න හිටුවත් කෙල්ලගේ හිත
තියෙන්නේ අර ඇහෙන සිංදුවට ඒක ඕඩියෝ එකක්ද නැත්තං ඇත්තටම කියන සිංදුවක්ද කියලා කෙල්ල කන්ෆියුස්
වෙලා ඉන්නෙ..මොකද ඒ සෝන්ග් එක ඒ තරමටම ඒ කියන පුද්ගලයා ලස්සනට කියන නිසා
" ම්ම් ... ආආආ .. මේක නම් හරියෙන්නෙ නෑ ... මොකා උනත් ඔච්චර හයියෙන් සිංදු දාන එක හරිද .ඕන නම් හෙඩ්
සෙට් එකක් ගහගෙන ගෙදරට වෙලා සිංදු අහන්න නේ තිබ්බෙ අහවල් මගුලකටද වැව පාක් එකට අවේ"
කෙල්ල එහෙම කියලා තරහෙන් ගියේ සිංදුව ඇහෙන දිහාවට ..
මාදුර්යා සත්සරණි සිංහබාහු. " ද ෆේස් ෆිල්ම් ඩිරෙක්ට සිංහබාහුස් ඩෝට (ර්)
කට්ටිය විතරයි ඔහොම කියන්නෙ.ඒත් කෙල්ල නම් කැමති නෑ ඔහොම කියන්න ... කවුරුහරි ඔයා කවුද කියලා
ඇහුවොත් දෙන උත්තරේ තමයි" මගේ නම මෘදුර්යා ..හැමෝම මට කියන්නෙ මාදු කියලා "
ඇත්තටම මාදු කැමති නෑ ..". මගේ තාත්තා ෆේමස් ෆිල්ම් ඩිරෙක්ට කෙනෙක් " ..එහෙම කිය කිය බොරුවට
අංවඩු ගහන්න..තාත්තගේ ජනප්‍රියත්වයෙන්, එයාගේ සල්ලි වලින් කඩදාවත් එයාට කියලා හොඳ තැනක් හදාගන්න
බෑ කියලා තමයි මාදු" කියන්නෙ ...
"
කෙල්ල හෙමින් අඩි තිය තිය ඉස්සරහාට ඇදුනා සිංදුව ඇහෙන්නෙ නම් වැඩි දුරක නෙමෙයි කෙල්ල වාඩි වෙලා
.
හිටපු බංකුවට මීටර 20 ක් විතර දුරින් තියෙන සුවිසල් ඇහැල ගහ ළඟින් .. ඒ ප්‍රදේශයම හෙවන වෙලා තිබේ. ඒ
ඇහැල ගඟ නිසා. තද කොළ පැහැති පරිසරයත් ඇහැල ගහ නිසා පරිසරයට ලැබෙන අඳුරු බවත් නිසා පරිසරයට
ගෙන දුන්නෙ අමුතු ජීවයක්, ගඟ ළඟින් නම් දැනුනේ සීතලක් ..... ඇහැල ගහ කහපාට මල් වලින් සැරසිලා තිබිබේ
ලංකාවටත් වස්සානයක් කියලා සෘතුවක් තියෙනවයි කියලා මතක් කරන්න වගේ ... මාදු තන බිස්ස මත අධි තියමින්
ගියේ ගහ ළඟට ... දුරින් පෙනෙනවට වඩා ගහ ලොකුයි කියලා තමයි කෙල්ලට නම් හිතුනේ ... මාදුට ගහ ළඟට
ගියාට පස්සෙ නම් ලාවට දැනුනා ඒක ඕඩියෝ ප්ලේයර් එකකින් දාපු සෝන්ග් එකක් නෙමෙයි කියය ... මොකද ඒ
සෝන්ග් එක කියන පුද්ගලයාගේ කටහඩේ තිබ්බේ අමුතු ජීවයක් ..
කෙල්ල තව ටිකක් ඉස්සරහට ගියේ හිතේ තිබ්බ කුතුහලය වැඩි වෙද්දි, බැලින්නම් කොල්ලෙක් ගහ යට වාඩි වෙලා
ගිටාර් එකත් ගහගෙන සිංදු කියනවා .. ඒ කොල්ලගේ දෑස් තදින් වැසී තිබුනා, ලා රෝස පාට තොල්වලින් ගීතය
මුමුනද්දි ඇහිබැමි තාලෙට නැටවෙනවා. සිංදුවේ හැගීම් ඒ පරිද්දෙන්ම මුහුණෙන් දිස්වෙද්දි මාදු මේ දිහා බලන්
හිටියේ වශී වෙලා වගේ, ඒ කොල්ලගේ හිසකෙස් රොදක් නලලට වැටී තිබේ ඇහිබැමක් වැහෙන විදිහට,
මුහුණ පුරා ගණ නොවන රැවුල ගානට කපලා තිබුණා ... කොල්ලගේ හමේ පාට හරියට ක්‍රීම් පාට වගේ ... මෙච්
හැමදේම නිසා ඒ කොල්ලගේ රූපෙට ගෙනාවේ අමුතු කඩවසම් බවක්.
කෙල්ලට ස්ක්රිස්ට් එක ගැන මතකය සම්පූර්ණයෙන් ගිලිහිලා, කෙල්ලත් ගීතයට සමවැදිලා අහන් හිටියේ හරිම
ආසාවෙන් ..අන්තිමට ඒ කොල්ලා සෝන්ග් එක කියලා හෙමින් ඇස් හැරියා ... ඒත් ඒ ඇස් දුටු සැනින් මාදු කලබලයටත්
පුදුමයටත් පත්වුනේ හොල්මනක් දැක්කා වගේ.
කෙල්ල කලබල වෙලා දඟලපු පාරට කකුල් දෙක ලිස්සලා තණ බිස්ස මත වැටිලා බෑවුම දිගේ බිමට පෙරලුනේ, ඒ
කොල්ලත් කලබල වෙද්දි .. ගහට පල්ලෙහානින් මද බෑවුම් සහිත පොළොවක් තිබුනේ. හොඳ වෙලාවට ඒ දිගේ
තණකොළ වවලා තිබ්බේ ... කොල්ලටත් හිතාගන්න බෑ මේ මොකක්ද උනේ කියලා..ඒත් කොල්ලා ඉබේටම
වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා දිව්වේ කෙල්ල වැටුන තැනට ... කොල්ලා මාදුව නැගිට්ටවන්න හදනකොටත්
කෙල්ල නම් හිටියේ බයවෙලා වගේ
ඒ බැල්මට නම් කොල්ලගේ හිතත් ගැස්සුනේ හේතුවක් නැතුව මොකටද මේ කෙල්ල එයාට බය වෙලා ඉන්නෙ
කියලා හිතාගෙන ..
" ඇත්තටම සොරි..මම ඔයාව බය කලේ නෑ නේද?' ' මුලින් ඒ
කොල්ලා ඇහුවේ කලබලෙන් ... .ඒ ඇස් හරිම අමුතුයි..ඒ ඇස් කොල පාටින් කෙල්ලට දිස් වෙද්දී කෙල්ලට හීන්
දහඩිය දැම්මෙ
ඉන්න පරිසරයේ කාලගුණයක් වෙනස් වෙලා වගේ දැනෙද්දි
" නෑ නෑ ..මේ මම..බයවුනේ..නෑ ඒත් .. ම
කෙල්ල කට හදනවා හිතුව දේ කියන්න ... කොල්ලගේ මුවග සිනහවක් රැදුනේ මාදු ඒක කිව්ව විදිහට.
මාදුගේ හිතට කොල්ලගේ මුහුණ දකිද්දි සියුම් ලැජ්ජාවක් ඇතිවුනේ මේ නිකන්ම නිකන් කොල පාට ඇස් දෙකකට
මේ තරම් බයවුනා නේද කියලා.
" නෑ ... එහෙනම් ඔයා මාව දැක්කෙ හොල්මනක් විදිනට ද ඒ තරමටම බය වෙන්න ....ම්ම් .." "
කොල්ලා එහෙම තොල් වලින් මාදු දිහා බලන් හිනාවෙවී අහද්දි මාදුට කියන්න දෙයක් හිතාගන්න බැරිවුනේ
හිතේ තියෙන චකිතය නිසාමයි.
මාදුටත් ඉතින් ලැජ්ජයි ඉතින්, කියාගන්න දෙයකුත් නෑ-
" නෑ නෑ ..මේ මම ඇත්තම කියන්නද ..
කෙල්ල කිව්වේ හොරැහින් කොල්ලා දිහා බලලා චකිතයකින්..." හා කියන්නකෝ බලමු
" එහෙනම් "