07th Blossoming 🌸

147 12 47
                                    

අපෙ අම්මයි ඒ ඩිටෙක්ටිව්ස්ලයි එකතුවෙලා අර නැවේ අභිරහස විසඳන්න හැදුවත් කොහෙන් හරි කොස්සක් ඇවිත් ඒ සාක්ෂිය ඔප්පු කරගන්න බැරි තරමට ගැටගැහුණු අවුල් ජාලාවක් වුනා ඒ නඩුව නම්... ඒක ගැන හිත හිතා ඉඳලම මගෙ මොළේටත් අංශබාගෙ හැදුනා... සැකයක් විදියට චෙපාගෙ පැත්තට වැරැද්ද දාන්නත් කිසිම සාක්ෂියක් එකතුකරගන්න බැරිවෙලා තියෙනව.. මොකද නැවෙ කිසිම වැරැද්දක් හොයාගන්න තිබ්බෙ නැ.. අඩුම මිනිස් පුලුට්ටක්වත් නැතුවනෙ මේ නැව හම්බවෙලා තිබ්බෙත්.. ඉතින් මේ නඩුව ටික ටික යට යන්න ගත්තා...
ඇත්තටම එතන උනේ මොකද්ද කියන එක අදටත් අභිරහසක්.. ඉස්කෝලේ ඉන්න වෙලාවෙ හිත හිත හිටියත් කෙළවරක් හොයාගන්න බැරුව නැට්ට පාගන් හිටියෙ..

ඒ මොන දේ උනත් අපිට තව මාස 4යි ඉතුරුවෙලා තියෙන්නෙ OL වලට... ඒ නිසා අපෙ හතරෙ කල්ලියෙ හැමෝම එකතුවෙලා චානුලාගෙ ගෙදර ඉදන් පාඩම් කරන්න එකතු වුනා... අපි හැමෝටම වගෙ ළඟ ගෙදරකට තියෙන්නෙ චානුලාගෙ ගෙදර තමයි.. සෙනෝමියි පවනුයි දෙන්නා එකටම එන්නම් කිව්ව බස් එකෙ.. මහ දුරක් නැ.. විනාඩි 15ක් වගෙ.. මට චානුලාගෙ ගෙදරට යන්න මහ වෙලාවක් යන්නෙ නැ.. පයින් විනාඩි 10ක් වගෙ දුර...
චානුලාගෙ අම්මා හරි හොඳයි.. අපි ආදරේට කියන්නෙ චානු අම්මා කියලා... අපිට හරිම ආදරෙයි.. ඒ ගෙදර හැමෝම ඉන්නෙ හරි ආදරෙන් වගෙම හරි අමුතු ෆ්‍රෙන්ඩ්ශිප් එකකින්.. අම්මා තාත්තා අයියා චානු මල්ලි ඔක්කොම හරි ආදරෙන් ඉන්නෙ.. එයාලා හරියට යාලුවො වගෙ.. ඕනෙ වෙලාවක ඕනම දේකට එයාලා එයාලා වෙනුවෙන් ඉන්න හරි ලස්සන්න ෆැමිලි එකක්.. මං හරි ආදරෙයි එයාලගෙ ඒ බොන්ඩ් එකට.. හරි හැඩයි ඒක.. වෙලාවකට ලෝභයි මට.. චානු අම්මව උස්සන් අපේ ගෙදර ගෙනත් තියාගන්නත් හිතෙනව.. ඒ තරම් එයා හරි හොඳ කෙනෙක්..
අපි හැමෝටම වගෙ ඉන්න ඕන අපිට ඕනෙම දෙයක් බයක් නැතුව කියන්න පුලුවන් වගේම එහා පැත්තෙන් අපිව ජජ් වෙන්නෙ නැති යාලුවෙක්.. මට ඕන ඒ යාලුවා කියන කැරැට්ටුවට මගෙ දරුවො මාව තියාගන්නවට... මට දවසක් චානු අම්මා කීව.. මටත් හරි ආදරෙ හිතෙනව එහෙම කතා කියනකොට..

" අඩෝ මායි සෙනෝයි එද්දි මාර වැඩක්නෙ උනෙ.."

මායි චානුයි උන් දෙන්නා දිහා බැලුවෙ මොකද්ද මුන් දෙන්නා කරගෙන තියෙන අකරතැබ්බෙ ගැන අහගන්න තියෙන ඕනකමින්.. ලාංකික පුරුද්දටම ඇහ් ගාලා කියවුනත් ආයෙම ඉතින් ඉතින් මොකද්ද උනේ කියලා ඒ ගමන්ම ඇහුව.. ඒක මේ අපිව ප්‍රෝග්‍රෑම් කරලා එන විදියද මන්දා, ඇහ් ගාලා කියවෙනෝමයි කවුරුහරි දෙයක් කිව්වම.. ඇහ් ගාලා ආයෙ අහන්නෙ, කියපු එක ඇහුනනෙ නැතුවත් නෙවෙ.. අනෙ මන්දා.. මොළේට අංශභාගෙ හැදෙන ප්‍රශ්න මෙව්ව..

SAKURA 🌸 [ Ongoing ]Where stories live. Discover now