' දැක්කෙ නෑ වගේ ශේප් එකේ යමන් "
" ඒයි......උබලා කොහෙද යන්නෙ මෙහෙ වර "
ආශර කියද්දි ඔලුව වනපු මම එයා එක්කම යුනී එක ඇතුලට ආවෙ බිම බලාගෙන උනත් මොකද වැඩි දුරක් අපිට යන්න හම්බුන්නෑ.......සීනියර්ස්ලගෙ කට හඩට නැවතුන අපි දෙන්නා එහෙම්මම පිටිපස්ස හැරුනෙ අද රැග් වෙනවා කියලා ඕනවටත් වඩා හොදට දන්නකොට.......උදේ බස් එකෙන් බැහැලා යුනී එක ලගට එනකොටම අදත් වෙනදා වගේම ලමයි කට්ටියක් තෙල් බැම්ම ලග ඉදන් රැග් කරන සින්නව දැක දැක අපි හැදුවෙ ශේප් එකේ එතනින් මාරුවෙලා යන්න උනත් මොකද අපිට කලින් උන් අපිව දැකලා තිබුනා
" ගෑනු වගේ ලතවෙන්නැතුව වරෙන් ඉතින්"
එතන උන්නු රැවුල වවාගත්තු සින්නෙක් කෑගහනකොට මට පෙනුනෙම ඌව නිකන් අර කාටුන්වල ඉන්න යකෙක් වගේ......ආශර මගෙ දිහා බලනකොට මම උරහිස් ඇකිලුවෙ දැන් කරන්න දෙයක් නෑ කියන්න.......ඇත්තටම ඉතින් දැන් කරන්න දෙයක් නෑ.....සින්නන්ගෙ රැග් වලට අහු උනා කියන්නෙ මොන මගුල කරන්න වෙයිද කියලා කවුද දන්නෙ......දැන්නම් ඇදන් ඉන්න ශර්ට් එකේ පැත්තක් එල්ලගෙන ඩෙක් ශූස් දෙක අතේ අරන් කැම්පස් එක වටේ දුවපන් කියලා කිව්වත් මෙතන පුදුම වෙන්න දෙයක් ඇතාතෙම නෑ
කමක් නෑ තව ටික දවසයිනෙ.......ඇරත් ඊලග අවුරුද්දෙ අපිටත් රැග් කරන්න චාන්ස් එක හම්බෙනවනෙ.......මෙහෙමයි රැග්කරන එක එක අතකට හොදයි අනිත් අතට නරකයි......කොහමත් ඕනම එකක හොද වගේම නරකත් තියනවමනෙ......ඕකෙන් හුගක්ම කරන්නෙ සමානාත්තාවය ඒ කියන්නෙ දුප්පත් පෝසත් භේදයක් නැතුව ඔක්කොම එකයි කියන එක පුරුදු කරවන එක.....අනික දරාගන්න පුරුදු කරන එක.....කොහමත් කෙනෙක් මෙහෙට එනවයි කියන්නෙ ඇතුලට ආපු ඔතෑනි පොර නෙවෙයි අවුරුදු හතරකින් පහකින් එලියට යන්නෙ......අන්න ඒ පර්සර්නැලිටි එක මෙතනින් හදනවා
" කියන තැනකට වදින්නම් ශෙවී උබේ ඔය ටකරම වහගනින්.........නැත්නම් අද මෙතනින් යන්න වෙන්නෑ "
" හා හා හරි හරි....හ්ම්ම්ම් "
ආශර අදත් වෙනදා වගේම තෙල් බැම්ම යන මගදිගටම කට වහගනින් කියන එක විතරක් රිපීට් කර කර කියනකොට මම ඔලුව වැනුවා......ආශරට ඕක කියන එක නවත්තන්න එපා වෙන්නෙත් නෑ එහෙමයි කියලා මම ඕකට ඔලුව වනන එක නවත්තන්නෙත් නෑ.......තෙල් බැම්ම ලග උන්නු සින්නො එතනට ගාට ගාට එන අපි දෙන්නා දිහා බලන් උන්නෙ හරියට දස මාර සේනාව වගේ වෙනකොට මම යටි තොල හපාගත්තා
YOU ARE READING
ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️
Fanfiction" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්ස...