ධනුශ්ක සෙරිලැක් එකට මූන දාගෙන ඉන්න අතරෙ අම්මා නැගිටලා ගිහින් වික්‍රම් අය්යා ගෙනාපු කෑම ටික දීසි වලට දාලා කෑම මේසෙට ඇරියෙ වික්‍රම් අය්යා ධනුශ්ක සෙරිලැක් එකට වග කියන විදිහ බල බල ඉද්දියි....
"ඇයි...
හැන්දක් ඕනිද?........"ධනුශ්ක ඇහුවෙ වික්‍රම් අය්යා එයා දිහා බලන් ඉන්නවා දැක්ක නිසා....
"ඕනිද කියලා අහන්නෙ නැතුව කෙලින්ම ඔය හැන්ද දික් කලා නම්......."
වික්‍රම් අයියා... හීනියට පාත් වුනේ ධනුශ්කගෙන් හැන්දක් කවා ගන්න තිබ්බ ආසවට...
ධනුශ්ක ඉතින් ලොකු හැන්දක් පිරෙන්න සෙරිලැක් පුරවලා වික්‍රම් අය්යා දිහාට ලං කරනවා වගේ පෙන්නලා... කට අරිනවත් එක්කම ධනුශ්ක ආයෙ හැන්ද පහලට දාලා වික්‍රම් අය්යා කට ඇරන් ඉන්න දිහා බැලුවා....
"අම්මේ.......................
මේ මිස්ටර් වික්‍රම්ට බඩගිනීලූ...."ධනුශ්ක මහ හය්යෙන් සයිරන් එකක් කෑගහුවෙ වික්‍රම් අය්යා ගැස්සිලා යන අතරෙ....
"අ...අනේ නෑ අම්මේ...
මේ මල්ලිගෙ විහිලු......""අම්මා හිමින් ලැහැස්ති කරන්න....."
"එයී................
.මං ඊයෙත් කිව්වා නේද ඔය මිස්ටර් කෑලි දාන්න එපා කියලා අය්යට... "අම්මා කෑගහුව පාර ධනුශ්කගෙ අතින් හැන්දත් සෙරිලැක් එකට වැටිලා මේසෙ පුරා ඉහිරුනා....
"අපරාදෙ තව හය්යෙන් කෑගහුව නම් සිවිලිමත් බිම...."
"සිවිලිම නෙවේ මං ඔබනවා මූන ඔය පුන්නක්කු දීසියෙ......"
"හරි හරි ඉතින් විහිළුවක් වත් තෙරෙන්නෙ නෑනේ..හුම්ම්...."
ධනුශ්ක යටහත් පහත්ව කිව්වෙ ශර්ට් එකෙයි මූනෙයි ගෑවුනු සෙරිලැක් ටික පිහිදාන ගමන්...
..........................................................................
"මිස්ටර් ආදිත්‍ය උදේ කෑම එක........
කනවද?..
නැත්තම් බඩගින්නෙම යනව්ද............"ආදිත්‍ය ඔලුවත් පිහ පිහ එලියට එනකොට
අභිමාන් එහෙම කනට ගහන්න වගේ අහද්දි ආදිත්‍යට හිතාගනා බැරි වුනා....මොකද කෑවත් නැතත් කිසි ගානක් නැති ගානට කතා කරපු නිසා......
![](https://img.wattpad.com/cover/379720508-288-k461782.jpg)
YOU ARE READING
රතු නූල (The Red Thread) Ongoing
FantasyI'm just a bodyguard වෛරයේ අවිහීන සෙනෙහස රතු නූලකින් මරණයේ කෙලවරකදී එක් වූ ආදරය. උ...උබ මට කරපු දේවල් වලට මම උබට යහතින් ඉන්න දෙන්නෙ නැ.... ආදිත්‍ය ගිගුරුවේ කාමරේ කෙළවරේ හිටිපිලිමයක් වගෙ ඉන්න එයාගෙම බොඩිගාර්ඩ් ට.. An unusual story