Su Han Pov..........
අහස පුරාම සුදු පෙණ කැටි මෙන් වළාකුළු පිරිලා තිබුණෙ රටා මවමින්... ඉන්චොන් වලින් එලියට ආව මගේ කම්මුල් දෙකට දැනුණේ සිහින් ඉඳිකටු වලින් අනිනවා වගේ සියුම් වේදනාවක්.. ඒත් එක්කම දැනුණ තද සීතල මගේ ඇඟ පුරාම අමුතු හිරි වැටීමක් ඇති කලා... මම මගේ අත් දෙක දෙපසට විහිදුවලා දිගු හුස්මක් ඉහලට ඇදලා මගේ පෙනහළු දෙක නැවුම් වාතයෙන් පුරවගත්තා... අවුරුදු දෙකකට පස්සේ දැනුණ ඒ හුරුපුරුදු සුවඳ හිත පුරා විඳගත්තා මම.... අතරින් පතර හුලඟට දඟ කරමින් වැටුණු හිම පියල්ලක් දෙකක් බිමට වැටිලා මෙලෙක් වෙලා ගියේ මගේ හිත තව තවත් සතුටින් පුරවන ගමන්.. "සීත කාලය... අන්යොන්..." ( hello) මම හිමින් මිමිණුවා...
"පීප්... පීප්...." මගේ දැහැන බිඳිමින් ටිකක් නුදුරින් ඇහුන වාහන නලාවට මම මදක් ගැස්සුනා... ඒත් මගේ ඇස් මානයේ නවත්තලා තිබුණු තද කළු පැහැති බෙන්ස් රථය දැක්කම මගේ මුවඟට සිනහවක් නැඟුනෙ ඉබේටමයි... මම ඉක්මණටම ගිහින් කාර් එකේ ඩිකියට බැගේජ් එක දාලා සීතලට ගල් උන දෑත් පිරිමදිමින් ඉදිරිපස දොර ඇරලා වාඩි උනා..
ඒත් මට සීට් බෙල්ට් එක දාන්නවත් ඉඩක් ලැබුනේ නැහැ.. එකපාරටම මාව තුරුළු කරගත්ත ඔහු අතොරක් නැතිව මාව සිප ගන්නට පටන් ගත්තා.. ඒ සිප ගැනීමෙ කිසිම පිලිවෙලක් තිබුණෙ නැහැ.. කම්මුල්, ගෙල, නළල නැවතත් කම්මුල් පුරා ඔහු ඔහුගේ මෘදු දෙතොල් රැඟෙන ගියා.. හදිසියේම ඇතිවුන නොසන්සුන් හැඟීමත් එක්ක මගේ මුවින් සිහින් කෙඳිරියක් පිට වුණේ ඉබේටමයි.. ලද නිමේෂයෙන් ඔහු මගේ දෙතොල් ඔහුගේ අණසක යටතට ගත්තේ මගේ හදවතම උණුසුම් හැඟීම් වලින් පුරවාලන ගමන්..
" උප්...පා.." මම ඔහුගේ දෙතොලරත මිමිණුවේ අපි දැන් සිප ගැනීමේ අන්තයටම ගොස් තිබුණ නිසා..
ටිකකින් ඔහු මගෙන් මෑත් උනේ මගේ නළලට මෘදු හාදුවකුත් දීලා.. ඒත් මං හිටියේ තාමත් නොසන්සුන් වෙලා..
" යාහ්... ආපු ගමන් පිස්සියෙක් වගේ හිම දිහා බලාගෙන ඉන්නවා.. මම මෙතන එයා එනකම් බලාගෙන ඉන්නවා.." එයා කිව්වෙ නෝක්කාඩු ස්වරයෙන්.. මම සිහින් හිනාවක් හෙලුවා...
YOU ARE READING
Winter Bear || KTH || Extended part Of Haphazard Love FF
Fanfiction❄සිහින් සියුමැළි හිම පියල්ලක් අහස් කුස සිඹ සෙමින් වැටුණා... අහම්බෙන් මෙන් මගේ හදවත හිම මලක් ළඟ හෙමින් ගැහුණා... ඉතින් හදවත පෙම් කරම්දැයි මගේ හිත හදවතින් ඇහුවා... අහම්බෙන්මුත්.. ඇයයි ඉරණම මගේ හදවත සෙමින් කිව්වා...❄ Cover credit goes to @Laya-K