# Valentine Special #JK Pov....
වසන්තය ආපහු ඇවිත්.... ගස්කොළන් පණ ගහලා තිබුණෙ හරිම ලස්සන විදියට.. අපේ ජීවිතේ කියන්නෙත් හරියට සෘතු වගේ.. කටුක කාලයක් පහුකරගෙන ගිහින් වසන්තයක් උදාවෙනකම් හැම මනුස්සයෙක්ම ඇඟිලි ගණිනවා.. ඒත් වසන්තය සදාකාලික නැහැ.. ආපහු සීත සෘතුව වගේ කටුක අවදියක් අපේ ජීවිත වලට උදාවෙන්න පුළුවන්.. ඒක හරියට චක්රයක් වගේ.. දුක සතුට මාරුවෙන් මාරුවට අපේ ජීවිත වලට එබෙනවා..
සිතුවිලි අතර අතරමං වෙලා ඉඳපු මම බැලුවෙ මගේ එහා පසෙකින් තිබුණු රෝස පැහැති හෑන්ඩ් බෑග් එක දිහා.. මට හිනාවක් නැඟුනෙ ඉබේටමයි.. හෑන්ඩ් බෑග් එකක් දැක්ක තැන සරෝව මතක් වෙන තරමටම මට දැන් හෑන්ඩ් බෑග් කියන එක සමීපයි.. මේකෙ අතීත කතාවට දැන් අවුරුදු හතරක් වෙනවා.. හිතාගන්න බැරි තරමට කාලය ගෙවුනත් අපේ ආදරේ තාමත් එහෙමමයි.. මගේ පළවෙනි ටෙලි ඩ්රාමා එක චෙරි බ්ලොසම් හිතුවෙවත් නැති විදියට ජනප්රිය උනේ මට එක පිට එක ඒ වගේ ඩ්රාමා වලට ආරාධනා ගලාගෙන එමින්.. මගේ බෑන්ඩ් එකේ වැඩ වලට බාධාවක් නොවෙන විදියට හොඳ වර්ගයේ ස්ක්රිප්ට් තෝරගෙන දිගටම රඟපාන්න මම තීරණය කලේ සරෝගෙනුත් ඒකට අකමැත්තක් නොතිබුණු නිසා..
Flashback 4 years before......
" සරෝ....." බාත් රූම් එකේ ඉඳගෙන මම එයාගේ නම කියලා කෑ ගැහුවෙ හිමින් කතා කලොත් එයාට ඇහෙන්නෙ නැතිවෙයි කියලා..
තප්පර ගණනකින් බාගෙට ඇරනු දොරෙන් ටවල් එක රැඳුනු සරෝගෙ අත ඇතුළට ආවා.. මම කියන්නත් කලින් එයා දන්නවා මට ඕනි කරන දේ මොකක්ද කියලා..
" උප්පා...!! හැමදාම ටවල් එක අමතක කරලා යන්නේ.. ඒ මදිවට ගේ දෙවනත් වෙන්න කෑගහනවා.. පුතාව නිදි කලා විතරයි.." සරෝගෙ නෝක්කාඩු ස්වරය මගෙ හිතට ගෙනාවෙ දඟකාර සිතුවිල්ලක්.. එයාගේ අතේ මැණික් කටුවෙන් අල්ලගෙන දොරෙන් ඔළුව එලියට දාපු මම මගේ තෙත කොණ්ඩෙ ගැසුවා..
" උප්පා!!!!" මූණ පුරා විසිරුනු වතුර බිංදු එක්ක සරෝ කෑගැහුවා.. එහෙමම තව ටිකක් ලංවෙලා එයාගේ පිරුනු දෙතොල් වලට හාදුවක් දීපු මම එයාගේ අතින් ටවල් එක අරගෙන දොර වහගත්තා..
YOU ARE READING
Spring Day || JJK || Extended Part of Cherry Blossom FF
Fanfiction🌸If I am Spring then you're my symbolic flower Cherry Blossom...🌸 Cover credit goes to @Laya-K