2. යාලුවො වෙනස් වෙලා

843 109 9
                                    


Vihan pov

සති තුනක් විතර ගියා. ඒත් මගෙයි නිෂිත්ගෙයි වලිවල නම් අඩුවක් නෑ. නවත්තන්නෙත් නෑ😈😁 ඌව ඇවිස්සුවම අමුතුම ගතියක් තියෙනව😂

"ආහ්.. නිෂිත්.. ඉතින් කොහොමද 😂 මූණෙ හැටියට නම් කෙල්ලෙක්ගෙන් ගුටි කාල වගෙ😂" මං ඌව අවුස්සන්න කිව්වා.

" කට වහගෙන ඉදපන්. උඹට ඕන්නැති මගුලක් නෑ. අනික මට කෙල්ලෙක් ඇත්තෙත් නෑ.. මගෙ මූණෙ අවුලකුත් නෑ. උඹේ මොලේ වයර් මාරු වෙලා."😂 ඌ කිව්ව.

උට කෙල්ලෙක් නැද්ද?🙄 ඉතිං මට මොකෝ😤හුම්.. මට පාන් ඈ😑
ඒත් එක්කම මගෙ සෙට් එකයි නිෂිත් ගෙ සෙට් එකයි එකටම ආවා.. මට පේනවා උන් මේ දවස්වල එකටමයි.😤අපි දෙන්න ඉන්න තැන තරහයි වගේ හිටියට උන් එකට ඉන්නෙ. ඒත් මං සද්ද නැතුව හිටියා.😠

"හ්ම්..උඹල කොහෙද ගියෙ?" මං මගෙ උන්ගෙන් ඇහුව.

"කැන්ටින් එකේ බං. වෙන කොහෙද ඉතින්"  උන් කිව්වෙ මට ඇහක් ගහන ගමන්.

" දැන් උඹලා මං නැතුවද කැන්ටින් යන්නෙ. වෙනදට උඹලා මං එනකං ඉන්නවනෙ😑හ්ම්ම්..හ්ම්ම්.. ඔහොම යංකො. ඔහොම යංකො." මං එහෙම කියල අනිත් පැත්ත බලද්දි මං දැක්ක නිෂිත් උගෙ සෙට් එක දිහාත් රවාගෙන බලං ඉන්නව.

ඒ වෙලාවෙ තමයි මං දන්න මල්ලි කෙනෙක් ආවෙ.
" ආහ්..විහන් අයියෙ.. ඔයාටයි, නිෂිත් අයියටයි නිහාල් සර් (කරාටි සර්) එන්න කිව්වා."

"ඒ මොකටද?" නිෂිත් ඇහුව.
"මං දන්නෑ. එන්න කිව්ව දැන්ම." ඒ මල්ලි ඕක කියල ගියා.

මං නැගිට්ටා. ඒ එක්කම නිෂිතුත් නැගිට්ටා.ඔය වෙලාවෙ මගෙ මාරයා අවුස්සන්න මගෙ උන් ටික දෙයක් කිව්වා.

" මේ උඹල දෙන්නා සර් ගාවට යන ගමන්වත් ගෑනියි, මිනිහයි වගෙ රණ්ඩු කරන්නැතුව ඉදහල්ලා හොදේ😂"

"ආ..ඔව් ඔව්.." නිෂිත්ගෙ උනුත් කිව්වා.

"උඹලට මැරෙන්න ඕනෙද දැන්ම😠කට වහන් හිටපං මට කියල දත් ටික බඩට යවාගන්න ඔන්නැත්නම්.😠" මං කිව්ව.

"මං උඹලව අල්ලගන්නම්..හිටපංකො." නිෂිත් කිව්වා.

අපි දෙන්නම නිහාල් සර්ව හම්බෙන්න ගියා.

සීතල වසන්තයWhere stories live. Discover now