#ඇහිපිල්ලම්
කදුළු බිදු ගුලි ගැහෙමින් ඇස් අගින් තැවැරූ ආලේපන සෝදා පහලට ඇද වැටුනි. මිනිත්තු තිහක පමණ වෙහෙසක් දරා ඇය මුහුණතේ ආලේප කරගත් සියළු ආලේපන එල විරහිතව ගොස් ඇත. වසා ගැනීමට උත්සාහ කල වල ගොඩැලි ඇගේ කිරිපැහැ සමතුල අපැහැදිලි මෝදු වී පවතී. තත්පර කිහිපයක දුරකථන ඇමතුම ශතවර්ෂ ද්විත්වයකට වඩා හත් අවුරුද්දක් ජීවන අරගලයේ යෙදුනු ඇයව අප්‍රාණික කර දෙනෝදාහක් මිනිසුන් මැද තනිවූ එකියක ලෙස හඩවන්නට සමත් වී ඇත......
බසයේ උඩින් දිවෙනා රිදි පැහැ යන්තමට අවපැහැ ගැන්වීගන ආ යකඩ පොල්ල අල්ලාගත් ඇය කලබලයෙන් ජංගම දුරකථනයෙන් බිදුනු හඩින් කාටදෝ අමතන බව ඇය අසල සිටි සියල්ලන්ටම පෙනුනද ඒ කවුරුන් හෝ ඇය කෙරෙහි සැලකිලිමත් බව දැක්වූයේ නැත . අනෙකාට කරුණාවක් දැක්වීමට පෙර තම තමන්ගේ ප්‍රශ්න විසදාගතයුතුයැයි සිතන සමාජයක ඇයගේ වේදනාව කිසිවෙකුගේ ඇස නොගැටීම ඇයට පුදුමයට කරුණක් නොවීය තවද ඇය කිසි අයකුගේ අනුකම්පාවක් බලාපොරොත්තු වූයේද නැත .
ඇය ගත වෙලාගත් වැලමිටට තරම් දික් වූ අත් ඇති සුදු පැහැ බ්ලවුසයද තැලි පොඩීවී අවුල් වී ගොස් ඇත නමුදු ඇයට ඒ පිළිබදව අංශු මාත්‍රයක හෝ තැකීමක් නැත මේ මොහොතට පැයකට පෙර නම් ඇය තම ස්වරූපය පිලිබද අතිශය උවමනාවක් දක්වනු ලැබීය . ඇමතුම විසන්දි කල ඇය බසයේ අපිරිසුදු වූ වාතලයට බර සුසුමක් එක් කලාය. වමතේ මහපට ඇගිල්ලෙන් සීරුවට කදුළු පිහිදා ගැනුනද ඇයගේ ඇස් ආලේපන විසිරී ගියේ එය වෙනදා තරම් සැලකිල්ලකින් සිදු නොකල බැවිනි.
උගුරේ සෙම් ගුලි සිරවී ඇත. ඇයටම පමණක් ඇසෙන ලෙස ඇය සිහින් හඩින් ඉකිබින්දාය. අත පැලදි ඔරලෝසුවේ තත්පර කටුවද දක්ෂිණාවර්තව කැරකෙනුයේ සෙමින් බවද බසය අගලක් අගලක් ගානේම නවතන බවද ඇයට සිතුනි. ඇයට බැස දිවයාමට අවශ්‍ය විය . එහෙත් එය ඇයට සිදුකල නොහැකිය. කෙතරම් අවශ්‍යතාවයක් පැවැතුනද බලාසිටීම හැර වෙන කිසිදු විකල්පයක් නොවීය.
' මම එනවා . "
' දෙවියනේ මගේ දිගැසි බලාගන්න 'ඇයගේ සිතතුල හැගුම් තෙරපී දෙතොල් යන්තමට සෙලවන බව ඇයට දැනුනි.
සෙනහෙසේ විප්පයෝගය කෙසේනම් ඉවසනුද.....
YOU ARE READING
ඇහිපිල්ලම්
Romanceඇය මගේනම් මා ඇගේනම් ඇයි තවත් ලතැවුල් . සම්මතයට පිටූ පෑ අසම්මත නොවූ දෙහදක ප්‍රේමය🧡. G × G one shot