Let Me Go
Chapter 1️Bek Ah Pov 💚
"ඔම්මා........"
කාලෙකට පස්සෙ තනූ අක්කිව දැක්කෙ.. කාලෙකට පස්සෙ කිව්වට ඉතින් ගිය සතියෙත් හම්බුනා 😆 ඒ වුනාට මයෙ ඔම්මා පැටියව දැක්ක සතුටටම මං ඔම්මා....... ගාගෙන දුවලා ගිහින් තනූ අක්කිව හග් කලා... මං හග් කලා තද වැඩි කමට තනූ අක්කිගෙ හුස්මත් හිර වුනාද මන්දා..
මායි චෝයි ශිෂ්‍යත්වයක් අරන් කොරියා ඇවිත් අවුරුද්දක් විතර වෙනවා.. අපේ රශියා මෙහෙ ආවෙ දැන් මාසෙකට විතර කලින්. මයෙ ඔම්ම (තනූ) ආවෙ රශිගෙ තනියට කියලා තමයි ඔම්ම නම් කිව්වෙ.. කොහෙද ඉතින් මේ මල හොල්මන ඔම්මව බලෙන්ම එක්කන් ඇවිල්ලා.. ඒකත් එක අතකට හොදයි.. අපි සෙට් එකට පිස්සුවක් නටාගෙන ඉන්න බැරියැ.. ඒත් next week එකේ ඔම්මා ලංකාවට යනවා කිව්වා.. මොකද ඉතින් එයත් තාම ඉගෙන ගන්නවනේ..
ඕන් ඔය අතරේ මොකාද මංදා ම්ගෙ ඔලුවට පාරක් ගැහුවා.. කවුද යකෝ මට ගහන්න තරම් එඩිතර මිනිහා කියලා බලන්න පිටිපස්ස බැලුවම හිටියෙ අපේ පොඩි එකී.. රශී..
Rashi Pov 💚
මේ බෙකීගෙ නම් ඔලුව කොහෙහරි වැදිලද මන්දා.. මෙච්චර සෙනග ඉන්න රෙස්ටුරන්ට් එකක් මැද්දෙ ලොක්කිව (තනූ) ඔම්මා..... ගාගෙන බදාගන්නෙ 😅 චික්කේයියා ලැජ්ජාවෙ බෑ..
" ඒයි මොලේ හොද නැද්ද ආ.. මේ මිනිස්සු හිතනවා ඇති ලොකූ ඇත්තටම ඔයාගෙ ඔම්ම කියලා.."
" කවුරු මොනා හිතුවත් අපිට මොකෑ... නේද ඔම්මා.."
මෙයා නම් මේක නවත්තන පාටක් නෑ වගේ.. ලොකූගේ මූණ ලැජ්ජාවටම ජම්බු ගෙඩියක් වගේ වෙලා 😂 පව් අප්පා අසරණ ලොකූ😂
"අනේ අම්මෝ යන් යන්.. අපි මොනාහරි කන ගමන්ම කතා කරමු මට බඩගිනියි.. බෙකී කෝ මගෙ නෑනා පොඩ්ඩ"
" අර ඉන්නෙ අතන ටේබල් එකේ.. එන්න අපිත් යන්.."
අපි තුන් දෙනා කෙලින්ම ගියේ මගේ නෑන පොඩ්ඩ අපි වෙනුවෙන් වෙන් කරන් හිටිය ටේබල් එක ලගට.. මගෙ නෑන තමා චෝ.. මයෙ හොබී කොල්ලගෙ ටේ සහෝදරයගෙ පතිනිය චෝ නිසා එයා තමයි මගෙ නෑනා පොඩ්ඩ.. අප්පේ..... අපිව දැකලා දාපු හිනාවෙ හැටියට නම් දත් තිස් දෙකම පෙව්නද මන්දා 😅
YOU ARE READING
LET ME GO
Fanfictionතුන්කොන් ප්‍රේමයක්... කවුරුත් නොදන්න රහසක්... ජීවිතයත් මරණයත් අතර සටනක්... සිතාගත නොහැකි පරිත්‍යාගයක් සමග තුන්කොන් ප්‍රේමයට සමුදීමක්... කියවලම බලන්න 💔