-Plot 23 -
If you know ~, You know.
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
බෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාවක්කළේ ඇයි?" කියලා කෝණාරගෙන් අහන්න ධිනාදීට කොහෙත්ම හිතුනෙනැති හැටි... ...