.කෙනෙක් මගෙන් ඇහුව ආදරේ කියන්නේ මොකක්ද කියල ඔයාගෙන් කවුරුහරි ඇහුවොත් දෙන උත්තරේ මොකක්ද කියල .
හරිම සරලයි .
එක එක අය ආදරේ කරන විදිහ වෙනස්. එකයි මේ ලෝකයේ love language කියල දෙයක් තියෙන්නේ .මන් ගොඩක් පොත් කියවපු,ඩ්රාමා ස් බලපු කෙනෙක් නිසා ආදරේ කොහොමද එක එක විදිහට ලැබෙන්නේ කියල දකිනවා.google එකේ search කරලා බලන්න මොකක්ද love කියන්නේ කියල .
it is a feeling that is difficult to explain .
එත් මට අනුව කෙනෙක් මට ආදරේ කරනවා කියන්නේ එයා ට මාව නැතිවුනත් මන් සතුටින් ඉන්නවාබලන්න පුළුවන් කෙනෙක් .ජීවිතේ එකම එක පාරයි බොක්කෙන්ම ලව් කරේ.එක හොඳම හොඳ පාඩමක් වුනා .එය වෙනකෙනේක්ගේ කියල දැනගත්තම එයාව අමතක කරේ කොහොමද කියල මටවත් හිත ගන්න බෑ .මාව දන්න අය දන්නව මන් මගේ ගෝල්ස් වලට යන්න උපරිම වැඩ කරන ඕනෑම දෙයක් ඒ වෙනුවෙන් කෙනෙක් කියල .ඉතින් අදටත් කවුරු මොන කිවුවත් මන් දන්නවා මන් මොන පැත්තෙන් අසාර්ථක වුනත් ලව් කිරීමේ උපාදිදාරියෙක් කියල.
ආදරේ ඒ වගේ මිනිස්සුන්ව වෙනස් කරනවා .
සමහර වෙලාවට මිනිස්සු අදරේ වෙනුවෙන් මැරෙනවා.හැමදේම අතාරිනවා.තමන්ගේ මාර්ගය වෙනස් කරනවා.
ආදරේ ඒ වගේ මිනිස්සුන්ගෙන් කැපකිරීම් ගන්නවා.
ආදරේ බිඳක්වත් දැනිල නැති ලෝකෙටම වෙස් මුනු පාන අය මැරීගෙන පන වගේ ආදරේ කරනවා.ජීවිතේට ලව් නම් කරන්නෑ මචන් , හැමදාම තනි කඩයි කියල චූන් එකේ ඉන්න මිනිස්සු සමහර විට අනිත් අයටත් කලින් relationships වලට යනවා .
ආදරේ මිනිස්සුන්ව හැගීම් වලින් පුරවනවා.
සමහර කතාවල , ෆිල්ම්වල වගේම කලාතුරකින් ( මන් දකින විදිහට ) ඇත්ත ජීවිතේ මරණයට ආස කරන මිනිස්සු ආදරය වෙනුවෙන් ජීවත් වෙනවා
.උදාහරණයක් විදිහට titanic ෆිල්ම් එක ගැන මෙහෙම කියනවා
"rose wanted to die, jack wanted to live.in the end jack died for rose and rose lived for jack"
ඉතින් ආදරේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බලාපොරොත්තු දෙනවා .
ඒ වගේම ආදරේ නිසා මිනිස්සු මැරෙනවා.සම්බන්දෙට ගෙදරින් කැමති නැති නිසා එයා ගඟට පැන්න , වහ බිව්වා , බෙල්ල වැල දාගත්ත .හරියටම romeo juliet එකේ juliet romeo මැරුණ කියල හිතල මරුන වගේ .
ආදරේ මිනිස්සුන්ට ජීවත් වෙන්න හේතු නැතිකරනවා.
මීව ආදරේ එක එක පැති විතරයි.සිරාම ලව් කරන ය මෙතනින් හොඳ පැති විතරක් අර ගනී .
එත් overall මගේ උත්තරය මේකයි .....
ආදරය කියන්නේ ආදරයයි.ඒක එච්චරයි .