*ඇගිලි ඇට කඩන ගමන්* එක්කෙනෙක් තමන්ගේ කතා වලට වඩා අනිත් අයගේ කතා ට්‍රෙන්ඩින් යන හැටි දරාගන්න බැරුව ස්ක්‍රීන්ෂොට් ගහලා හේටර්ස්ලට දීලලු නේද?
ළමායි මෙවෙලාවේ අපි ලියන්නේ ෂිප්ද ස්ට්‍රේට්ද අදාල නෑ. අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු. හේටර්ස්ලාගෙන් කතා බේරගන්න අන්පබ්ලිශ් කරන එකම නෙමෙයි විසදුම.
හේටර්ස්ලට පොත් හොයාගන්න බැරි වෙන්නයි අපි කරන දෙයක් කරන්න ඕනේ. මෙන්න මේ පියවර ටික අනුගමනය කරමු.
Authors ලා
1. Description, story names, story parts ඔක්කොම English වලින් දාන්න.
2. ශ්‍රී ලංකා, සිංහල, sri Lanka, sinhala, sinhalese, sinhalaff,
btssinhala,
sinhalafanfiction,
sinhalabtsff,
sinhalabtsfanfiction
මේ ටැග් දාලා තියෙනවා නම් ඒ ටැග් හැම එකක්ම අයින් කරන්න. කොටින්ම සිංහල හෝ ශ්‍රී ලංකා කියන වචන වල කොටසක් හරි ගෑවුණු ටැග් එකක්වත් තියන්න එපා. හේටර්ස්ලා ඔය හරහා තමයි හුගක් පොත් හොයාගන්නේ.
Readers ලා
1. Reading lists වල තියෙන හැම පොතක්ම library එකට ඇඩ් කරගන්න, එහෙම කරන්න බැරිතරම් පොත් ගොඩක් තියෙනවා නම්, listවල උඩ ටික English පොත් පනහකින් විතර පුරවන්න.
2.List names සිංහලෙන් හෝ කොරියන් වලින් තියන්න එපා, English වලින් rename කරන්න. ඒත් ෂිප් වල නම් හෝ BTS කියලා rename කරන්න එපා.
හැමෝම
1. සිංහලෙන් දාලා තියෙන තමන්ගේ profile names, descriptions හැම එකක්ම English හරි වෙන ඔයාලා දන්න භාෂාවකට ට්‍රාන්ස්ලේට් කරලා දාන්න.
2. ඔයාලාගේ Location එක Sri Lanka නැතුව වෙන රටක් දාන්න. නැත්නම් මුකුත් නොදා ඉන්න.
3. කිසිම කෙනෙක් එක්ක වලි දාගන්න යන්න එපා. මෙවෙලාවේ අපිව පාවලා දීලා තියෙන්නේ අනිත් අය එක්ක වලි දාගත්ත කෙනෙක්. ඔයාලා නොහිතා කියන දේකින් තවත් කෙනෙක්වත් ඒ තත්වෙට පත් කරන්න එපා.
4. මේ දවස්වල නාදුනන යූසර්නේම් වලින් එන ප්‍රයිවට් මැසේජ් වලට රිප්ලයි කරන්න එපා. ආමිලා කියාගෙන එන හේටර්ස්ලා ගොඩයි.
ඒ වගේම අර ෂෙයාර් වෙන FB pages, groups වල කමෙන්ට්ස් දාන්න එපා එයාලාගේ reach වැඩි වෙනවා. කෙලින්ම රිපෝට් කරන්න.
අපිට පුළුවන් මේ දේ කරන්න. හේටර්ස්ලව නවත්තන්න පුළුවන් අපිට. අත අරින්නේ නැතුව දිගටම මේ ක්‍රියාමාර්ග ගන්න, අනිත් අයවත් මේ ගැන දැනුවත් කරන්න. හැමදෙයක්ම හොදට සිද්ධ වෙයි.
හ්වයිටින්!