Delphinu_s
හද පෙළන ගිනි රැගෙන දල්වලා ලිපගින්න දහ අතේ කල්පනා කර කරම ඉන්න ඇති අලි බීපු වී ගෝනි ගොනු තැලූ හේන හෙම හූල්ලපු දුක් දියර කන්දෙන්ම පිරෙන්නැති ණය බරට පිටු ඉරුණු ණය පොතේ ඉතුරු පිටු ගස්සාම අහක බලද්දි පොඩි එකා අඬපු හැටි මැවි මැවි පෙනෙන්නැති දීමනා සහන හෙම එකතු කළ පින් කැටය හිල්වෙලා බේරිලා දුක දෝරේ ගලන විට පතිව්රතා කුමට මට එහෙම ඇය සිතන්නැති දරන්නට බැරි තැනදි තිත්ත වස කුප්පියත් පැණි රසට දැනෙන්නැති පුරුද්දට වාගෙම පොඩි එකාටත් පොවා ඇයත් එය බොන්න ඇති !! ඩෙල්ෆි
Madushika_Ramanayake
@Delphinu_s වා....ට් වට් අ සර්ප්‍රයිස් .... මට ඒත් මේ මම කලින් දන්න කෙනෙක් අලුත් ප්‍රොෆයිල් එකකින් ඇවිත් ද කියලා නිකමට නොහිතුනාම නෙවෙයි...
•
Reply
Madushika_Ramanayake
@Delphinu_s නංගි මේක පට්ට බැරෑරුම් කවියක් නෙ... මේ සිස්ටම් වෙනස් වෙන්න ඕනෙ මෙන්න මේ නිසා...
•
Reply