අක්කෙ මේක කියන්නම හිතුනා. මගෙ ජීවිතෙත් යම්තැනකින් හෝ හදාගන්න වචනෙකින් හරි උදවු වුන ඔයා මේ මොහොතෙ බිංදුවටම හිතින් හරි වැටිල ඉද්දි මට මෙ ටික ඔයාට නොකිය ඉන්න බෑ කියල හිතුන. ඔයා මේව කවද දකීද කියවයිද කියන්න මම දන්නෑ..කවද කියෙව්වත් ඔයාට මේ කියන දේවල් වලින් චූටිම චූටි දෙයක් හරි ඔයාගෙ ජීවිතේට ගන්න තියේවි කියල මං හිතනව. මේ පොඩි එකෙක්ගෙන් මොන උපදෙස්ද කියල හිතුවටනම් කමන්නෑ මොකද එහෙම හිතෙන එක සාදාරනයි ඔයයි මමයි ඉන්න levels comapare කරාම. ඒත් මොකක් හරි කියන දෙයක් හරියි කියල හිතෙනවනම් ඒක ඔයාට උදව්වක් වෙයි.
ඔයා මේ වෙලාවෙ හිතින් නැතුව මොලෙන් හිතල ගන්න තීරණයක් ඔයාට ආයෙ recover වෙන්න ලොකු උදව්වක් වෙයි අක්කෙ. මොකද හැඟීම්බරව ඔයා ගන්න තීරණයක් හෝ කරන දෙයක් මේ වෙලාවෙ හැටියට ඔයාට වැරදි දෙයක් උනත් හරි දෙයක් කියල හිතෙයි. ඒ හැටි. ඔයාගෙ තැන වෙන කෙනෙක් හිටියත් ඒක එහෙමයි..ඒත් ඔයා ඒක තේරුන් ගන්න බැරි තරන් බොලඳ නැතුව ඇති කියල මං හිතනව..එයා ඔයාට තාම ආදරේ ඇති සමහරවිට ඒත් එයා දැන් වෙන කෙනෙක්ට අයිතියි. නිකන් නෙවේ දරුවෙකුත් ඉන්න අම්ම කෙනෙක්නෙ. එයත් දැන දැනම හෝ කරන්න දෙයක් නැතිකමට උනත් මේ වෙලාවෙ එයාගෙ අතින් වැරද්දක් වෙනව එයාගෙ පවුලට. ඔයත් ඒකෙ හවුල්කාරයෙක් නොවී හරි වැරද්ද තේරුන් අරන් move වෙන එක හොඳද නැද්ද කියල ඔයාම හිතල බලන්න අක්කෙ. මේක ඔයාගෙ සැබෑ ජීවිතේ, නැතුව ලියන කතාවක් නෙවෙයි. කතාවට ඔයා අකුරු කරපු ඔයාගෙ මනෝලෝකෙ සැබෑ ජීවිතේ එක්ක ඒ විදියටම සසඳන්න බෑ කියල ඔයා හොඳටම දන්නව. ඒවයි වගේ සුන්දර අවසානයක් අපේ ජීවිත කතා ඇතුලෙ අපිට ලැබෙයි කියල හිතන්න හරිම අමාරුයි. අපි යතාර්තෙට මූන දෙන්න එපැයි. නැත්තන් මහා විනාසෙකින් කෙලවර වෙන්න පුලුවන් තරන් දරුණු දේවල් මේව.ඒ නිසා ඔයා තේරුන්ගනියි කියල හිතනව. ඔයාට පුලුවන් බැරි නෑ අනිවාරෙන්ම පුලුවම් අක්කෙ. හැමදේම බෙදාගන්න බැරි උනත් චූටි චූටි දේවල් හරි අපි එක්ක බෙදාගත්තට කමක්නෑ. වචනෙකින් හරි ඔයාගෙ මනසට සහනයක් වෙන්න ඔයාගෙ රීඩර්ස්ල අකමැති නෑ. ඒනිසා ශක්තිමත්ව මේ වෙලාවෙත් හිත හයිය කරන් එන දේකට මූණ දෙමු අක්කෙ.