බෑන්ක් එකට ආවා ගර්ල් කෙනෙක්. දණහිසෙන් උඩට ඇදලා නෝමල් ඇදුම් එක්ක.
කොළඹ 13 ඇඩ්‍රස් එක....
කොළඹ 13...???
වැඩේකරලා දුන්නෙ මම! ඒත් වැඩේට පොඩිවත් උදව්වක් නොදුන්න කොහෙවත් හිටපු ගෑනු ටික,
"ශික් හතලිස් තුනක්ද එෆ්ඩී දැම්මෙ?"
"මුඩුක්කු ගෑනූ"
තව කොහෙදෝ හිටපු එකෙක් වැඩෙත් පැත්තක දාලා දුවගෙන ඇවිත්,
"අර කොටට ඇදන් ආපු කෙල්ල මොනාද කරන්නෙ??"
"ඔන්ලයින් බිස්නස්
"පෆ්ඃ කරන බිස්නස්. මුඩුක්කු ගෑනු වගෙ!"
තව එකෙක්... "2001ඉපදිලා තියෙන්නෙ! අඩුම සුදුවත් උනානම් කමක් නෑ."
මේ දැන් මේ මොහොතෙ සිද්ධ උන දේ ඕක. මට මිනිස්සු ගැන ගොඩාක් තරහයි. ස්කෝලෙ යන ඔයාලා හිතනවා නේද ස්කෝලෙ සමහර ළමයි මහ දුශ්ටයි, කුහකයි ගගා. ඒත් මාව විශ්වාස කරන්න ලොකු මිනිස්සුන්ගෙ ලෝකෙ ඉන්න ජරා හැත්ත එක්ක ඔයාලා ඔය කියන දුශ්ට, කුහක ළමයි හරි අහින්සකයි.
මට තියන ප්‍රශ්නෙ, එයාගෙ වැරැද්ද
1.ඒ ගර්ල් කොටට ඇන්ද එකද?? ඒත් බෑන්ක් එකේ උන්ම කොටට අදිනවා!!
2.කොළඹ 13 ඉපදුන එකද??
3.කලු උන එකද??
ඒ ඔක්කොටම වඩා,
4. මොකක්ද කොහෙවත් ඉන්න ගෑනුන්ට තියන #කේ අමාරුව????????
මේ හැමදාම වෙන දේවල් අතරින් එකක් විතරයි. මිනිස්සුන්ගෙ මානසිකත්වෙ ගැන ඇත්තටම කලකිරෙනවා.