ජීවිතයට එන සමහර වෙලාවල් තියෙනවා හරි අමාරුයි දරාගන්න.... සමහර මොහොතවල් තියෙනවා ඒ හැම දේම දරාගෙන ජීවත් වෙන්න වෙන...... ඒක කොයිදේ උනත් අපි දරා ගන්නේ අපේ ආදරේ වෙනුවෙන්නේ ආදරය කරන කට්ටිය වෙනුවෙන්..... ඒත් හැම කැපකිරීමක් අවසානෙම, ඔයා මොනවද කරලා තියෙන්නේ....??? ඉස්සර හිටිය ඔයා නෙවෙයිනේ දැන් ඉන්නේ....!!! වාගේ කියන වචන ටිකක් එකපාරම කීවහම කොහොමද දරාගන්නේ.... මාස හය හතක් තිස්සේ වෙන වෙන පොඩි වෙනස්කම්වලින් හිත පිරිලා පිච්චිලා ගියාත් දරාගෙන හිටියා ආදරය හින්දා ඉවසගෙන හිටියා ආදරේ හින්දා... ඒත් අවසානයට ඒ දරා ගැනිල්ලයි ඒ ඉවසිල්ලයි වැඩක් නෑ කියල දැනුනහම එතන තියෙන්නේ, මගේ ආදරෙයි ඉවසිල්ලයි විතරක් කියලා මට දැනුනහම, එය ආදරේ ඕනෙත් මට විතරයි කියලා දැනුනහම. කොයි වගේ හැඟීමක් දෙන්නේ කියලා මට කියලා දෙනවාද.... තවත් නං අමාරුයි මට අල්ලගෙනන ඉන්න.... මේ අවුරුද්දේ පළවෙනි කඩාවැටීම.... මාස හය හතක ඉවසීම හරිම අමාරුයි.... අනේ අතාරින්න බෑනේ මං ආදරෙයිනේ.... කිසිම දෙයක් මට ආපහු හම්බෙන්නේ නැහැ කියලත් දැනගෙන මම ගොඩාක් ආදරෙයි.....