JiNa_Canary

වැස්ස.. එකපාරටම කඩාගෙන හැලුනු පුදුමාකාර වැස්ස..  හුලග.. ලා රෝස පාට රොබරෝසියා මල් පෙති ඈතට ගහගෙන යන ඒ රලු  හුලග .. වැහි බිංදු.. ඇගේ හිරිගඩු පිපෙන තරමට සිතල ඒ වැහි බිංදු..  ඒ ඇස් දෙක.. වෙනදා වගේම කියවන්න අමාරු ගොඩක් දේවල් ලියවුනු ඒ කොලපාට ලොකු ඇස් දෙක.. 
          	
          	මම තුරුලු උනා.. ඒ උනුසුමට මම තුරුලු වුනා.. ඒ අත් තව තවත් මාව ඒ තුරුලටම ගුලි කරගත්තා.. හද ගැස්ම..  කිසිම පිලිවෙලක් නැතුව අපේ හදවත් වෙගයෙන් ගැහෙන්න පටන් ගත්තා.. ඒ තොල්.. ඒ තොල්  ටිකෙන් ටික මට ලං වුනා..  වැහි පොද වලට තෙත්වුනු මගේ ඇස්පිල්ලම් තවත් ඇරගෙන ඉන්න මට අමාරු උනා.. 
          	
          	ඒ හුස්ම .. ඒ උනුසුම් හුස්ම ටිකෙන් ටික මගේ තොල් මතටම දැනුනා.. ඊලග තත්පරය.. ඊලග තත්පරය ඒ තොල් මාව සිප ගත්තා.. ඔව්.. අපි අපිව සිප ගත්තා.. ඒ රොබරෝසියා ගහ  පින්නට බරවුනු මල්පෙති වලට ඔහේ පාවෙන්න ඉඩ  දෙනකොට අපි අපේ තොල් සිප ගත්තා.. 
          	
          	මම ආදරෙයි .. තත්පර ගානක විරාමයක් ගත්ත ඒ තොල් මගේ තොල් මතම මිමිනුවා..
          	
          	@porresion3 ගේ අලුත් කතාව.. හැමෝම කියවල බලන්න.. ❤
          	https://www.wattpad.com/story/317927426

porresion3

@JiNa_Canary thank you dew❤️❤️
Reply