නාදුනන ලෙස අප හමු වූ
නුපුරුදු පාසල තුල..
මටත් පෙර නුබ මා හැදිනූයේ
පෙර පුරුද්දටද?.......
දහසක් මිතුදම් හමුවුණු
කාලයත් සමගම නැති වුනු
විදුබිම තුල තවමත් සැගවුනු
මතක පැසවන්නේ
මොන පුරුද්දටද?.....
හමුවුවත් මිතුදම් දිවියට
ඇද්දේ කකුලෙන් පස්සට
රිදුනා හිත නුබ නැතිවිට
නුබ ද මගෙ එකම මිතුරිය.......
ආවත් කරදර එකපිට
හිටියා නුබ ලග නිතරම
අත්හැරියත් මා මගෙ දිවියම
ඇයි ද අත් නොහැරියේ නුබ මාව........
කාලයත් එක්කම
ඇසුනේ නෑ නුබෙ ඔය කටහඬ ..
හමුනොවුනත් ඔය ඇස් නිතරම..
තාමත් අපි හොදම යාලුවෝ වෙන්නේ,,
සසර පුරුද්දටද?....
හමුවුවත් නැතත් යලි අප
මතු දිනෙකත් හමු වේවි මේ ලෙස
ඉල්ලමි දෙයක් මා පාලුව දුරලන්න
වෙනවද මගේ සොයුරිය මතු ආත්මෙක..
නැවතුනත් කාලයෙන් මොහොතකට
හමුවෙමු සසරේ කතා කරගත් විලසට
නුපුරුදු පාසලින් හුරුපුරුදු ව යනදාට
නුබමයි එකම මතකය
මගෙ සොයුරිය