බිඳුනු ආශා......!
ඉදිරියේ වූ තමන්ගේම ප්රතිරූපය දිහා බලන් ඉන්දෙද්දී
ආවේ කට කොනට සමච්චල් සහගත හිනාවක්.
හැමෝම කියනවා "ලස්සනයි" ලු !
ඉදින් කොහොම නම් දැන ගන්නද කැඩපත ඉදිරියේ සිට ගැනීමට තිබූ අයිතිවාසිකම පවා උදුරගනිද්දී !?
කඳුළුවලින් මිරිකාලන්න බැරි වුණු
ඒ හැඟීම්හිත අස්සේ තෙරපිච්ච.....
පැන් තුඩෙන් හැඩවුණු පද පේළි වලින් පිට දැම්මේ,
මැකී යන ඒ හසකැන් තනි වෙන්න බල කරන හිතට....
පෑන ප්රබලම අවිය වෙනකොට !!
කොහොම නම් දැනෙන්න ඇතිද
උදේ හවා ආයාසයෙන් වසන් කල මුලාවම
හෘද සාක්ෂියට තදින්ම වද දෙද්දී......
පණපිටින් පිච්චුනා
අහිමි වුනේ පෑන අතට ගන්න, දුක තුනී කල
"මේවයින් කාටද හරි ගියේ ?" එහෙමයි චෝදනාව එල්ල වුණේ
කොහොම නම් කියන්නද හිත සැනසෙන තරම?
දන්නවද........
ලියන එකත් අමුතුම කලාවක්! කවිකාර හිතකට
"පිස්සු මේකිට" තොල් අතර ඇඳුනෙ හීන් හිනාවක්.
සාහිත්යවත් රස විඳින්න දන්නැති මිනිස්සුන්ට
තවත් තේරුම් කරන්න යන්නෙ මොකටද ?!!!