හායි!
පුදුමයි නේද? හ්ම් මටත් පුදුමයි.. බට් මං ආවා. ආවේ අප්ඩේට් දෙන්න නම් නෙමේ.. අප්ඩේට් දෙන්න දැන් ඔන්ගොයින් කතා නෑනේ මේකේ... ඒත්... wattpad එක නිසාම වුන ලොකු තුවාලයක් wattpad එක නිසාම ටිකා......ක් සනීප වේගෙන එනවා වගේ දැනෙනවා..
හරි පුදුමාකාර විදියට මිනිස්සු අපේ ජීවිත වලට එනවා ආපහු යනවා. ඒක අපි හැමෝම අත්විඳින දෙයක්නේ. ඒ එන බහුතරයක් ආපහු වෙරලට ආව මුහුදු රැල්ලක් වගේ අපෙන් ඈතට යනවා. ඒත් ඒ රැල්ල එක්ක ගහගෙන ආව ලස්සන සිප්පි කටු, පොඩිවට කැඩුන කොරල්පර වගේ ලස්සන සමහර මතක අපේ හිත් අස්සේ ඉතුරු කරලා... ඒවායින් මතක ටිකක් අපිව පාරද්දි තවත් සමහර මතක අපේ මූණට හිනාවක් ගේනවා...
ඒත් ඒ වගේම සමහරු ඉන්නවා අපේ ජීවිතේට ආවට පස්සේ ආයෙම මුහුදු රැල්ල වගේ ගහගෙන නොයන. කොහොල්ලෑ බබෙක් වගේ අපේ හදවතේ ඇලිලා ඉන්න. ජීනුට හිතෙනවා ඒ වගේ ලස්සන soul එකක් වෙනුවෙන් හැඟීමක් අකුරු කරන එක වරදක් නෙමෙයි කියලා. ඔයාලත් එහෙම හිතනවද??
(Blue eyes update ඉල්ලලා මේල්ස් දාන චූටි බබාලා වෙනුවෙන් :| යෝහ්... මං ඒ ඔක්කොම කියෙව්වා හොඳද... රිප්ලයි මේල්ස් ටික දාන්නම්ම්ම්ම්ම්ම්..... සමාවෙන්න මේ ටිකේ වෙලාවක් තිබුනේ නැහැ.. අනිත් එක... අනේ ඒ තරම් ආදරෙන් අප්ඩේට්ස් ඉල්ලන්නෙපා.. මං හරි අසරණ වෙනවා.. ජීනුට heal වෙන්න time එකක් දෙන්න හොඳද... තරහා වෙන්නෙපා..... ආදරෙයි මං මගේ හැම reader කෙනෙක්ටම ❤️ ඔයාලගේ හිත් හරිම ලස්සනයි..)