Lifecruto

ළමයි අලුත් කතාව coming soon....

Lifecruto

අසම්මත පෙම රස විදපු ඔයාලා වෙනුවෙන්......
          
          
                 මුලින්ම ගොඩක් ස්තුතියි කතාව ටිකක් කම්මැලි වගේ හිතුනත් ඉවර වෙනකන්ම මාත් එක්ක රැදිලා හිටපු මගෙ ළමයි ටිකට. ❤️‍
          
                අපිට ජීවිතේ අපි බලාපොරොත්තු  නොවෙන දේවල් මොනතරම් නම් හම්බෙනවද, ඒ වගේම ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් මොනතරම් නැති වෙලා යනවද..... මොනතරම් අමාරු උනත් ඒ හැමදේම විද දරාගන්න පුලුවන්නම් තමා ජීවිතේ ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ. 
          
             විදදරා ගැනීමේ සීමාවක් තිබ්බොත් , ඉවසලා ඉවසලා බැරිම තැන අතෑරලා දැම්මොත් අපි ඒ දරාගත්ත, අමාරුවෙන් ඉවසපු හැම දේකම තේරුමක් නැති වෙයි. 
          
          ඉතින් අසම්මත පෙම ට අනුව සාරන්‍ය කියන්නේ එක හිතක් වෙනුවෙන් හිත යටින් විදවපු චරිතයක්. ඒ වගේම තමන් බලාපොරොත්තු වෙන කෙනාගෙ එක වචනෙකින් සෑහිමකට පත් උන කෙනෙක්. තමන්ට නොලැබෙන බව දැන දැනම ඒත් තවත් ආදරේ කරපු චරිතයක්.  
          
            මේ චරිත කතාවල විතරක් නෙවෙයි ළමයිනේ ඇත්ත ලෝකෙත් ඕන තරම් ඉන්නව. ප්‍රශ්නය තියෙන්නේ ඒ අයව තේරුම් ගන්නේ නැති එකයි. ඒ අයගෙන් ලැබෙන ආදරේ නැති උන දවසකට ජීවිතේට උන ලොකුම නැති වීම එක වෙන්න පුලුවන්. ඒ වගේ හදවතක් ආයෙ කවදාවත් හමු නොවෙන්න පුලුවන්. මට අනුවනම් සාරන්‍ය ලග තවමත් රන්වීර් ට අවස්ථාවක් තියෙන්න පුලුවන්. මොකද සාරන්‍යගෙ රන්වීර් ගැන තිබුන වචන වල කිසිම බොරුවක් තිබ්බේ නැති නිසා. 
          
          
          
          ඉතින් ළමයි මට කියන්න ඕනෙ අපි ලැබීම් වලට වගේම නොලැබීම් කියන දෙටත් හොදින් මුහුන දෙන්න ඕනෙ. සමහර නොලැබීම් ඇතුලේ පහුවෙලා ලැබෙන ලොකු ලැබීමක් තියෙන්නත් පුලුවන්. ❤❤❤❤❤
          
          
          ආදරෙයි ඔයාලා හැමෝටම❤️‍❤️‍
          Lifecruto 

Lifecruto

@1pahan7 will see lamayooo ❤❤
Reply

1pahan7

@Lifecruto mekema part 2liyanna barida ane plz
Reply

Lifecruto

ළමයි,  හෙටයි අනිද්දයි මට කතාව ලියන්න වෙන්නේ නෑ . මම හෙට කොළඹින් පිට යනවා වැඩ වගේකට. ඒත් වෙලාවක් හම්බුනොත් අනිවාරෙන් ඔයාලා වෙනුවෙන් ලියනවා. කතාව දෙන්න බැරි උනොත් තරහ වෙන්න නම් එපා හරිද. ඔයාලා මගේ චූටි ළමයි ටිකනේ.❤️❤️

dumidu2004

@Lifecruto parisamata wada tika kara ganna ❤️
Reply