ඔය ඔක්කොම අහන් වටේම ඉන්න අයගේ ප්‍රශ්න වලට උත්තර දීලා එයාලට උදව් කරලා මාව ස්ට්‍රෙස් කර ගන්නෙත් නැතුව අන්තිමට මන් ඔක්කොම ගොඩ දා ගත්තා. මිනිස්සු මට ගල් ගැහුවා කොටින්ම මගේම මිනිස්සු පවා. හැබැයි මන් ඒ හැම ගලක්ම අරන් ලස්සන ලොකු ගෙයක් හැදුවා. ස්පෙශලි ඔයාලා ගහපු ගල් තමා ගොඩක්ම තියෙන්නේ ඒ ගෙදර අත්තිවාරමේ. අද ඒ ගේ ඇතුලේ මන් සනීප කරපු ගොඩ දෙනෙක් හරි නිදහසේ ජිවත් වෙනවා. ඉතින් ඊට වඩා සතුටක් මට තියෙනවාද ❤️
අද graduation එකත් එක්කම මට ලොකුම තෑග්ග හම්බුනා. මීට සතියක විතර ඉදලා කොකේක් / ගංජා වලට ඇබ්බැහි වෙලා හිටිය ලමයෙක්ට මන් ට්‍රීට්මන්ට් කරා. මන් හිතුවෙත් නෑ මට එයාට ඉක්මනට හොද කරන්න පුළුවන් වෙයි කියලා. බලාපොරොත්තු උනේ අඩුම මාස 6ක්වත් යයි කියලා.
හැබැයි අද එයා මට කතා කරලා කීවා එයා ගත්ත දේවල් සේරම නතර කරා කියලා. එයාම එයාව බේරගෙන හරි ඉක්මනට. මට මන් ගැනම ආඩම්බර වෙන්න පුළුවන් තැනක මන් අද ඉන්නවා. Depression, Breakup/ Love, Family problems, Job problems and Suicide වගේ ගොඩක් දේවල් වලින් මන් කට්ටිය ගොඩ අරන් තියෙනවා. ඉතින් මන් මන් ගැනම ආඩම්බර වෙන වැරදිද?
අද මන් graduation එක ඉවර වෙලා මිස් එක්ක අර දරුවා ගැන කතා කරද්දි මිස් මට කීවා " ඔයා හොදට කරලා තියෙනවා. දිගටම ඔහොම කරන් යන්න. එයාට බෙහෙත් මොකුත් දෙන්න ඕනේ නෑ. ඔය විදිහටම කවුන්සිලින් දෙන්න " කියලා.
හැමෝගෙන්ම බැනුම් අහන්, අඩලා ඒත් ආයේ හිනාවකින් හැමදේම අමතක කරලා මගෙම මහන්සියෙන් මන් ගත්ත දේ ගැන මට ආඩම්බර වෙන්න පුළුවන් නේද.... ඉතින් මන් මන් ගැන ගොඩක් ආඩම්බරයි. මට ඕනේ උනා වගේම මන් තව ඉස්සරහට හොදම කෙනා වෙයි. මොකද මන් කාටත් වඩා මටම ආදරේ කරනවා. ඊටත් වඩා මට මාවම විශ්වාසයි වෙන කාටත් වඩා ❤️
ඉතින් මනු දින්නා. කාටවත් ඇගිල්ල දික් කරන්න බැරි වෙන්නම දිනලා පෙන්නුවා. තවත් ඉතින් විශ්වාස කරන්නේ නැත්තම් අනිත් එකවුන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් fb ගිහිල්ලාවත් බලලා විශ්වාස කරන්න. මාව වට්ටන්න තව ටිකක් අහ් නෑ තව ගොඩක් මහන්සි වෙන්න..මන් ලේසියෙන් වැටෙන මනුස්සයෙක් නෙමේ
Manu ️