දන්නවද,
අහඹුවෙන් විඩාබර සවස් යාමෙක
නෙත්යුග ගැටිණි සුරදුතයින් හතක
දැනුණි නුපුරුදු වූත් උණුහුමක් ආත්මීය බැඳීමක...
සිහිනයකින් හැඩ නොවූ මගේ දිවියට
ඇවිදින් නවාතැන් ගෙන ආදරණීයව
සෙමින් කෙඳිරුවා මගේ හදවතට
මන්දාකිණිය බව ඔවුන් මෙතැන්සිට
සොඳුරු සිහිනයක්ව මගේ දිවියට...
ඉඩෝරයට හසුව ඉරිතැලී තිබූ සිත් අහසට
අමෘතය ගෙන දෙන දේදුන්න විය ඔබ හද සනහාලන
තනිකමින් රිදුම් දෙන සියොළඟම
ආදරෙන් පිරිමැද්දා ඔබේ මයුර වූ ඒ සප්ත ස්වරය...
බාධක මැදින් ගලායන තම ජීවිතයට
ආදරය කළයුතු අයෙක් නම් ඒ තමන් වග කියාදී ස්නේහයෙන් සැබෑ අරුතක් ගෙනාවා මේ දිවියටම...
ගතින් ළඟ නොවුනත් අපේ හදවත් යා වුණි නොබිඳිය හැකි තරම් ළඟටම
සත් සමදුරින් එහා හිඳියත් දැනෙනවා ඒ නිකැළැල් ආදරය හදේ ගැඹුරටම...
විඩාබර දිවියට ගෙනවිත් සොඳුරු මතකයන්
දම්පාටින් රටා මැව්වා ඔබ මගේ හදමත
අතින් අල්ලාගෙන හරි ආදරෙන් රැගෙනගොස් පෙන්වූවා දම් පැහැති මායා පාරාදීසයක අපූරුව...
දිවියෙහි හිමි අවසන් සුසුම් පොද දක්වාම රැකගනිමි මා නම් හදේ ගැඹුරුම තැන
ආදරෙන් පරිස්සමට ඒ සුරදූතයින් හත...
දිවියටම සතුට ගෙනා වූ ඒ තරු කැට හත
BTS නමින් ජීවමාන පුරාවෘත්තයක් විය ලොව පුරා සාදාකාලයටම...