ඔක්තෝබර් මාසෙට අයිති රාත්රීන් දැන් ඉවර වෙන්නත් ළඟයි.
මේ කාලෙ පුරාවටම රෝස කහ මිශ්ර වෙච්ච වලාකුළු මට මුණගැහුණෙ හරිම හරි අඩුවෙන්. ඒ වෙනුවට මුළු අහසම අයිති කරගෙන තිබ්බෙ අලුපාට මිශ්ර වෙච්ච වලාකුළු..
ඒ හින්දමද මන්දා හැන්දෑවට අහස දිහා බලන එක නතර කරලා මම කළුවරේ අහස දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා..
අලුපාටට අකැමැත්තක් නෙවෙයි, ඒත් මං කහ රෝස මිශ්රණයට ටිකක් වැඩියෙන් කැමතියි..
ඒත් පුදුමයි !!
හැන්දෑ අහසට වඩා, කළුවර අහසෙ තැනින් තැන ඔයා ගැන මං ලියපු පුංචි පුංචි කවි හැංගිලා තියෙනවා මම දැක්කෙ එතකොටයි.
ඒවා තවමත් බිම වැටිලා විසිරිලා නැහැ...
-Mandy -