හිතුවට වඩා ලොකු, හරි පිලිවලට තිබුන රූම් එක දැක්ක ගමන් මට හරි ආස හිතුනා....වැඩි කාලයක් මේ ගෙදර හිටියෙ නැතත් එලීනා ඔන්නිගෙ ඔම්මා ,අප්පා වගේම එලීනා ඔන්නිත් වැඩියෙන් ආදරේ කරේ මේ ගෙදරට නිසා වෙන රටක හිටියත් ගේ කලින් විදිහටම තියන්න ඔන්නිගෙ අප්පට ඕනි වුනු බව එලීනා ඔන්නි කියපු විදිහ මට මතක් වුනේ ඒ වෙලාවෙ....
ඉනට අත් දෙක තියාගෙන වටයක් කැරකුන මම කාමරේ අස්සක් මුල්ලක් නෑරම බලලා ජනේලයක් ලගට වෙන්න තිබුන ලොකූ ඇඳට පැන්නෙ පුරුද්දට වගේ....ඒ වෙලාවෙයි මම දැක්කෙ බැල්කනියට යන්න තිබ්බ දොර...
බැල්කනියට ගියාම පේන්න තිබුනෙ මේ ගෙදරට අයිති ලොකුම ලොකු ගාර්ඩ්න් එක....ඒක හිතුවටත් වඩා ඈතට විහිදිලා තිබ්බා වගේම එක එක විදිහෙ සරුවට වැවිලා තිබ්බ ගස් කොලන් දැක්කම කවුරු වුනත් ගාර්ඩ්න් එක හොඳට නඩත්තු කරන බව මට තේරුනා....
අඩි සද්දෙකුත් එක්ක එහා පැත්තෙ බැල්කනියෙන් ආපු සද්දෙට මම ඔලුව හරවලා බැලුවා...සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන මගෙ දිහා ලාවට වගේ හැරිලා බලපු ජිමින් ආයෙම ඇතුලට යනවත් එක්කම මට ඇහුනෙ රූම් එකේ දොරට තට්ටු කරන සද්දෙ...බැල්කනියෙ දොරත් වහලා දාල රූම් එකේ දොර අරිද්දි හිනාවෙවී බලන් ඉන්න එලීනා ඔන්නි දිහා බලලා ආපිට මමත් හිනා වුනා...
"ඒරා.... කෑම ලෑස්තියි....වොශ් එකක් දාගෙන කන්න එන්න.."
"ජිමින්වත් එක්කගෙනම එන්න හරිද?..."
ඔන්නිට හරි කියන්න වගේ ඔලුව වනලා මම ගියෙ වොශ් එකක් දාගන්න...වොශ් එකක් දාගත්තට පස්සෙ නිදිමතක් ආවත් මන් ඒක අමතක කරලා කන්න යන්න ලෑස්ති වුනා...
ජිමින්ගෙ කාමරේ දොර ඉස්සරහට වෙලා නියපොත්තකුත් කන ගමන් මන් ජිමින්ට කතා කරන විදිහක් ගැන කල්පනා කරද්දි එක පාරටම ඇරුනු කාමරේ දොරින් ජිමින් එලියට ආවෙ රවාගෙන..
මගෙ උඩ ඉදල පල්ලෙහාට බලපු ජිමින් මට අලු වෙලා යන බැල්මක් දාලා ෆෝන් එකක් මගෙ පැත්තට දික් කරද්දි පුලුවන් තරම් ජිමින්ගෙ ඇස් මග ඇරලා මන් ෆෝන් එක අතට ගත්තා..
'මේක මගෙ ෆෝන් එකනෙ'
මගෙ ෆෝන් එක ජිමින් ගාවට ගියෙ කොහොමද කල්පනා කරන ගමන් මන් හොරැහින් ජිමින් දිහා බලද්දි එක පාරට මගෙ අතින් ඇදලා ලගට ගත්ත ජිමින් ,
"පස්සෙ අල්ලගන්නම් මන් "