Nidrush_Z

ඔයාලත් මොකක් හරි ඕපයක් වලියක් නං හම්මේ ඉතිං පැල් බැඳගෙන බලන්නෙ
          	හැබැයි කතාවක් කවියක් දැම්මම බලන්ට වත් උවමනාවක් නෑ
          	
          	මීට
          	Refference පොතේ view rate එක දැකල තවත් කළකිරුණ ජීවියෙක්

Nidrush_Z

ඔයාලත් මොකක් හරි ඕපයක් වලියක් නං හම්මේ ඉතිං පැල් බැඳගෙන බලන්නෙ
          හැබැයි කතාවක් කවියක් දැම්මම බලන්ට වත් උවමනාවක් නෑ
          
          මීට
          Refference පොතේ view rate එක දැකල තවත් කළකිරුණ ජීවියෙක්

Nidrush_Z

-(සැහැල්ලුවෙන්) මේ platforms වල තියෙන නරකම දේ මොකක්ද දන්නවාද දරුවෝ?!
          ඒ තමා මෙතන තියෙන්නෙ වචන විතරක් වෙන එක! 
          
          -(පුදුමයෙන්) ඇයි එහෙම කියන්නේ?!
          
          -(නැවතිල්ලෙ ටිකක් සිතා බරට හුස්මක් අතහැර) කතා වල පෝස්ට් වල කමෙන්ට් වල මේ හැම තැනකම තියෙන්නෙ වචන විතරයි....
          ඒ වචන කියන කෙනා මෙතන නෑ!
          එහෙම වුණාම එයාගෙ වචන අස්සෙ තියෙන ඇත්තම හැඟීම අපිට දැනගන්න අමාරුයි... ගොඩක් අමාරුයි!
          
          -(කුතුහලයෙන්) ඉතිං ඒක නරක දෙයක් ⁣ද?!
          
          -(කල්පනාකාරීව) ම්..... ගොඩක් නරක දෙයක්!
          
          -(ඉහල යන කුතුහලයෙන් ඇස් විශාල කරගෙන) කොහොමද එහෙම වෙන්නෙ?!
          
          -හිතන්නකො ඔන්න මේකෙ කොහෙහරි තැනක තියෙනවා "එයා නං පිස්සෙක්!" කියලා! ඇත්තටම ඒක කියන කෙනා කියන්නේ විහිලුවට... හැබැයි මෙතන තියෙන්නෙ වචන විතරක් නිසා අනිත් කෙනා ඒක අපහාසයක් විදිහට ගන්න පුලුවන්.... 
          
          -ඒ කියන්නේ… මෙතන වචන අස්සෙ ගොඩක් වෙලාවට මුලිංම ඔලුවට යන්නෙ කේන්තිය වගෙ අනවශ්‍ය අදාළම නැති දේවල්!... එහෙමද?!
          
          -අන්න හරි! එහෙම තමා..... එතකොට වචන වල හැඟීම් වැරදියට interpret වෙද්දි මේ වගේ තැං වල ප්‍රශ්න ඇති වෙනව වැඩි! (බර හුස්මක විරාමයකට පසු) මොකද එතකොට වචන වල නැති දේවලුත් පැතිරෙනවා නෙ!
          
          -(අමුතුම මුහුණකින්) හම්මේ...... බලාගෙන යද්දී මේ platforms හරි භයානකයි නෙ! අපි සද්භාවෙං කියන දෙයක් වුණත් අනිත් පැත්තට අපටම වදින්න පුලුවන් මේ වගෙ තැං වලදි!
          
          -(කළකිරීමෙන්) හ්ම්..... ඔව්! එහෙම තමා!
          
          -(ඇස් ලොකු කරවමින්) ඉන්ටත් බයයි මේවගෙ එහෙම වුණොත් නං!
          
          -(සැනසිලි දායක හඬකින්) බයක් ගන්ට එපා... ඉන්ට, හැබැයි..... අනිත් අය එක්ක පුලුවන් තරං අඩුවෙං interact වෙන්න පුලුවන් නං interact නොවීම ඉන්ට... තනියම ආතල් එක ගත්තා පාඩුවෙ පැත්තකට වුණා වගෙ!
          
          -හ්ම්...... එහෙම කරල බලමු! යනව කියල හැමතැනිංම යන්නත් බෑ නෙ!
          
          -(සිනාසෙමින්ම) අන්නේකයි!
          
          -(සිනාසෙමින්) හැබැයි මෙතන ඇත්තම ප්‍රශ්නෙ කට්ට ඇතුලට වැදුණ ගොලුබෙල්ලා වගෙ ඉන්න ඔයා කොහොමද මේවා දන්නෙ කියන එක!.... (ඔරලෝසුව බලා) පරක්කුයි මං ගියා ඒනං ඇ! (ඉවතකට දුවයි)
          
          -(ඒ යන දෙස බලා තමාට මුමුණාගෙන) අත්දැකීම්වලින් මමත් දන්නෙ... ඒ අත්දැකිම් තමා මාව කට්ට ඇතුලට වැදිලා හැංගිලා ඉන්න ගොලුබෙල්ලෙක් කරේ
          
          
          
          

Nidrush_Z

සිර දඬුවම
          
          අපොස උ පෙළ
          සමත් වරදට
          බරපතළ වැඩ සහිතව
          දෙවේලක් ලෙව කන්නට
          වසර පහකට ඇතුළට
          
          නිදෘශ්...

AndriaKarunarathne

@Nidrush_Z  mahansiyi nee . Parissamin hodata vada tika karagena yanna .
Reply

Nidrush_Z

දැං අවුරුදු දෙකක විතර වගෙ ඉදන් හැම අවුරුද්දකම මුල wattpad වල මට මොකක් හරි අවුලක් වෙනවා
          
          හරියට නිකං මෙතන බොට කැප නෑ වගෙ එකක් දැනෙන්නෙ ඒවා එක්ක
          
          බලමු
          
          කොහොමත් මේ pdf ප්‍රශ්නය නිසා මම කතා ටික blog එකකට මාරු කරන එක ගැනත් හිත හිත හිටියෙ මම
          
          ලිවීම සම්බන්ධයෙන් කරන්න යන ජොබ් එක ගැන තරම්මත් හීනයක් මට තියෙනවා
          
          අපි බලමු!
          
          කවදා කොයි විදිහට හීන හැබෑ වෙයිද කියල අපි දන්නැ නෙ!
          
          ඉතිං
          ටික දවසකට සුභ ගමන්!
          
          (ඔය කීවට stress එක දරා ගන්න බැරි තැන අමුණපු අකුරු ටිකක් එක්ක ආයෙ හෙට වුණත් මම එන්න බැරි නෑ! මොකද ලොකු ලොකු තරං ෆෑන්බේස් හදන එක නෙවෙයි ඇත්තටම මට ඕන! අර කැම්පස් එකක් ඇතුලෙ ඔලුවට පැටවෙන පීඩනය නිදහස් කරගන්නයි මට ඕන!)
          
           ආදරෙයි කාටත්!
          සතුටිං සැනසීමෙන් පරිස්සමෙන් අරණ්‍යානි දේවිය ගේ ආශිර්වාදයත් එක්ක ඉන්න!

Nidrush_Z

වෙච්චි දේවල්
          සම්පූර්ණයෙන් ම හිත රිදෙන දේවල්
          
          ප්‍රශ්නය මෙච්චරටම ඇදෙන්න හිටපු පීඩනේ නිසා මමත් දුර දිග නැතුව වැඩ කරපු එක වගෙම අනවශ්‍ය කතා මැද්දට පැනපු අයත් හේතුවක්
          
          ඒ ඕතර් මේ වෙද්දි රෙෆරන්ස් දීලා තියෙනවා ප්‍රශ්නය නිරාකරණය වෙන්න
          
          ඒ නිසා
          ඔයාලා තව දුරටත් මුකුත් කාටවත් කියන්න එපා 
          එයාගෙ ෆෑන්බේස් එක ඕන දෙයක් කියා ගත්ත දෙන්
          ඔයාලා කියන්න එපා 
          
          වහාම ක්‍රියාත්මක වෙන පරිදි මම වෙනම refference list එකක්ම update කරන්නං අවශ්‍ය තැන් ගැන කියලා
          ඒක මම මගෙ පරිස්සම වෙනුවෙන් කරන්නෙ
          
          ටික දවසකට කාල මේඝාම්බර නතර වෙයි 
          වෙච්චි දේවල් මම ඇත්තටම මේ දවස් ⁣වල group monitor විදිහට වගෙම දුර්වල සෞඛ්‍යයත් එක්ක දරාගන්න කොටස ඇතුලට ගන්න අමාරුයි!
          
          ඒ නිසා කාලෙකිං ලැබුණ මේ නිවාඩුවෙ මට ටිකක් නිදහසේ ඉන්න ඕන!
          
          වෙච්චි දේවල් තේරුං අරං හමෝටම වගෙම හැමදේටම ගරු කරල ඔයාල දිගටම මා එක්ක රැඳෙයි කියල මම බලාපොරොත්තු වෙනවා
          
          එහෙනං
          ආදරෙයි වෙනදා වගෙම හැමටම!
          
          Nidrush | Indiwari de Zoysa 

AndriaKarunarathne

@Nidrush_Z  we are waiting for you akke .
Reply

Nidrush_Z

කන්දක් වගේ දරාගන්න කතාවක්!
          
          ලේඛිකාව අපි හොඳින් දන්න අඳුනන තිසරණී අක්කා
          
          ලස්සනයි ඇත්තටම
          
          හැබැයි අක්කෙ මං බලං හිටියෙ අක්කා අර මැජික් ගැන කතාව ලියනකං!
          https://www.wattpad.com/story/386352800