2024.12.23 රාග වේදනා පොත කියවලා ඉවර වුනු දවසේ නෝරාගෙයි තේමියගෙයි කතාවට මොනතරම් ඇබ්බැහි වුනාද, ඒ දැනුන දේ ගැන සටහනක් තිබ්බේ පුදුම තරම් ආසාවකින්. රාග වේදනා දෙවෙනි පොතත් ඉක්මනටම ගේන්න කියලා අන්තිමටම ලියවුණෙත් ඒ ඇබ්බැහිකම නිසාමයි. සටහන වෙනුවෙන් හරිම නිහතමානී ස්තූතියක් පෙරලා ලැබුනේ දෙවෙනි පොත ගැනත් පුංචි බලාපොරොත්තුවක් එකතු කරලා.
2025.08.05 අන්තිමට, අනේ දෙවියනේ! ඒ ප්රාණයට ප්රාණයක් වුණු 'ප්රාණාන්තර' පොත මගේ අතේ! ඉතින් ඇයි තවත් කල් දාන්නේ? දවස් දෙකකින් එක හුස්මට කියවලා ඉවර කරපු නුරාධිත්යා තේජස් කතාව දැන් නම් මුළු ඔළුව පුරාම සැරිසරන්නේ මේ හිතත් තේජස් කෙනෙක්ව ඕනි ඕනි කියලා ඉල්ලන තරමටම මේ කතාවත් තවත් එක ඇබ්බැහියක් වෙද්දි.
ඕනි තරම් නවකතා කියවලා තිබුනත් මේ ලියමන ඒ හැම එකකටම වඩා වෙනස්. මේ ආරයට ලියන වෙන කිසිම කතුවරියක් මට මුණගැහිලා නැහැ. ඉතින් මේ කතාව මට විශේෂයි.
මේ මොහොතට අවංක වෙනවා නම්, වචන වලින් කියන්න බැරි තරමට මම මේ රාග වේදනාවට වගේම ප්රාණාන්තරටත් පුදුම තරම් ආදරෙයි!
සුදු ලිනන් ෂර්ට් අදින තවත් කෙනෙක්ගේ කතාවක් එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා නෝරා...!☁️
(FB , Insta Accounts හදලා නැති නිසයි Wattpad post එකක් දාන්න හිතුවේ..)