සමහර පොඩි පොඩි අරමුණු තියෙනවා..
ඒක නිකන් අපි අලෝකයක් වෙනුවෙන් ඉර එළිය හඹාගෙන යද්දි අතරමග ගේකදි තියෙන ඩිම් වෙච්ච බල්බ් එළියක් දකිනව වගේ..ඒක මඟ ඇරුණට අපි යන ගමනට බාධාවක් නෑ..ඒත් ඒ එළිය දැකපු එක ඒ අතරමඟ ගමනෙදි අපිට අපි කවුද කියල තේරුම් කරවපු අවස්ථාව වෙන්න පුලුවන්..
අපි ඒව පස්සේ පන්නනේ අපේ තෘප්තිය උදෙසා..
ජීවිතේ කෙල වෙන්න ඉස්සර තමන් වෙනුවෙන් තියෙන අන්තිම අවස්ථාව උරගාල බලන්නම ඕන නිසා..
ඒක හරියට හිරවෙලා,කොටුවෙලා රාමුවෙලා තියෙන ජීවිතේට අමුතු උත්තේජනයක් වගේ දෙයක් නිසා..
හරියටම පිස්සු පීකුදු වෙලා තරමං වෙලා ඉන්න තැනකදි මාව පොඩි කාලෙ ඉඳල දන්න මිත්‍රයෙක් මුණගැහෙනව වගේ හැඟීමක් නිසා..
අපි ඒ අවස්ථාව නොගත්තනම් ජීවිතේම ඒ වෙනුවෙන් පසුතැවෙන්න උනත් ඉඩ තියෙනවා...
නෑ වරදියි..මමනම් පසුතැව්වෙවි..
ඉතින් අපිට ඒක කොතරම් තදින් උවමනා වෙනවද ඒවගේම දෛවයටත් ඕනේ අපිව ඒ අරමුණෙන් ඈත් කරල තියන්න..අපි මේ ජිවිතේට වෛරකරනව දකින්න..ජීවිතේ වෙන දේකට නොවෙන තරම් බාධා හැලහැප්පීම ඒ වෙනුවෙන් දෛවය අපිට සූදානම් කරල තියෙනවා..
කන්දක් නඟින්න සලස්වලා මුදුනට ගිහින් අවට තියෙන ලස්සන තමන්ගෙ ඇස්දෙකෙන් බලන්න දෙන්නෙ නැතුව ඉන්න දෙනව වගේ දෛවය මහ කැත විදියට ඒක ළඟට පෙන්නලා ආයේ උදුරගෙන සරදම් කරනවා..
අවුරුද්දක් තිස්සේ ලෑස්ති උනු අවස්ථාවට සතියක් තියලා මගෙ කකුලක් කඩලා දාලා භෞතිකව ඒකට නුසුදුසු වෙන එක එක මොන තරම් කුරුරු වේදනාවක්ද කියල මට දන්වන්න තරම්,
තවදුරටත් මට ඒ අවස්තාවට උපරිමය කරන්න බැරි නිසා වෙන කෙනෙක් සුදුසු කෙනෙක් ඒ වෙනුවෙන් තෝරල දෙන එකත් මගෙ වගකීමක්ම කරන්න තරම්,
කප්පරක් කපාදැමීම් කොන් කිරීම් අස්සේ,කප්පරක් මහන්සි වෙලා,කප්පරක් කැපවීම් කරලා හිස් අතින් නැවත හැරෙන්න මට සලස්වන්න තරම්,
දිනපු හැමදේම එක ගොඩකට තියලා එක ඔට්ටුවකට පරද්දලා මාව හිස් මිනිහෙක් කරන්න තරම්,
මේ හැමදේකටමත් පස්සේ බිඳිලා,කළකිරිලා විසිරෙන්න නැතුව ආයේ පරණ මනුස්සයා වෙන්න කියල බල කරන්න තරම්, ඇත්තටම ඔයාට මොන අයිතියක්ද???????
දයාබර දෛවය,
අද මගේ අවසන් අවස්ථාව..
හරියටම අවුරුද්දක් පුරාවට මම ලෑස්ති උනු ඒ මොහොතට තියෙන පළවෙනි අඩිතාලම..
මේක අසමත් උනොත් මට නැවත අවස්ථාවක් නොතියේවි..
අද නුඹේ සියලු අභියෝග වල අද අභියෝග කරමි..
අවසන නුඹ දිනන බව දැන දැනත් අභියෝග කරමි..
අහිමි වීමට ආදරයෙන් දිනාගත් කිසිවක් දැන් මා තුළ නැත..
ඉතින් දැන් මා පරද්දා සතුටු වන්න..
</.......................>