S_Miky
කෙටි කතාව- රන් තරු පායන අහස බලාගෙන " Happy anniversary රත්තරන් " " මොනවද ඔයාට ඕනෙ තෑගි ? " නිදි මතේම එයා කියවනව " මට ලැබුනු ලොකුම තෑග්ග සැනසෙන්න පුලුවන් ඔය පපුව , ඒ වගේම ඇති තරම් බදාගෙන කදුලු හලන්න ඉඩ දෙන ඔය උරහිස.. මරියානා ආගාධය වගේ තේරුම් ගන්න අමාරු මේ ගෑනු හිත තේරුම් ගන්න එකම. , ගෑනියෙක්ට ඊටවඩා වටින තෑග්ගක් තියනවද මගෙ රත්තරන්? " ඒ රෑ මම කීව දේ එයාට ඇහුනද නැද්ද කියන්න දන්නෙ නෑ..මොකද ඒක කියල මම අන්තිම හාදුව ඒ රැවුල් කොට වැවුනු කම්මුලට තියද්දි මට ඇහුනෙ ගොරවන සද්දයක්..