ගුම්මෝනිම් පැංචිත්තනේ..
ඉතින් අවුරුද්දක අවසානය!
2024 ගොඩක් දේවල් ඉගෙනගත්ත අවුරුද්දක්! හිත් රිදීම් නැතුවම නෙවේ, හැබැයි ඒ නිසා ඉගෙන ගත්ත දේවල් ගොඩයි!
මම මේකට ආවෙ කියවන්න.. හැබැයි හිතේ තිබ්බ පුංචි ආසාවක් නිසයි ලියන්න ගත්තෙ.. ඒත් ඉතින් මම මුලින්ම පටන් ගත්ත කතාව තාම ඉවර කරන්න බැරි වුණා.
සමාවෙන්න ඒකට. ඒත් ඒක මට එහෙම හදිස්සියෙ ඉවර කරල දාන්න බැරි නිසා මම draft දාගෙන ලියල කතාව එකවැර දෙන්නම්.(Contract Marriage)
අනිත් එක අහඹු.. මම ඒක ටිකක් hold කරා.
හේතුව.. මම ඒකෙ අපෙ යුනි එකේ විස්තර ටිකක් වැඩිපුර දාලා තිබුණ නිසා මම ටිකක් නැවැත්තුවා. මොකද අපෙ යුනියෙ ලමයි දැන් මේක ඇතුලෙ කතා කියවනව. ඉතින් සමහර චරිත මම මේකට දාලා තියෙන .. එයාලා ඇත්තටම යුනියෙ ඉන්නව.. සහ සමහර ගොන් සිදුවීම් ඇත්තටම වුණ දේවල්..
(හෙහෙ)
ඉතින් මම එයාගෙන් එයාගෙ නම කතාවකට දාන්නද ඇහුවම නම් හා කිව්වා.. ඒත් ඉතින් එයාගෙ නම නොදා එයාව විස්තර කරල තියෙද්දි, බැරි වෙලාවත් එයාගෙ නන්ගිවත් ඕක කියෙව්වත්..හෙහෙ.. යාලුකමත් ඉවරනෙ ඉතින්..
මම ඒකත් හෙමීට ලියලා අප්ඩේට දෙන්නම්.!
එතකොට ඔන්ගොයින් ලියාගෙන යන්නෙ අවතැන් එකයි රළු නෙතු එකයි..
ඒ දෙක ඉතින් පුලුවන් උපරිමෙන් ලියලා දෙන්නම්!
මම හරි කම්මැලි අප්පා ලියන්න..!
ඒත් draft දාගෙන girl×boy එකකුත් ලියනව මං.. හිහී.. ලැජ්ජා නෑ බන්ග්
මම ඉතින් ලබන අවුරුද්දෙවත් හැදෙන්න උත්සහ කරන්නම්..!
කතා එකක්හරි දෙනකම් බලන් ඉන්න ලමයි වෙනුවෙන් මම මේ කියලා යන්න ආවෙ..!
වෝට් කරන කමෙන්ට් කරන ලමයින්ට මං මාරම ආදරෙයි අනේ!
පරිස්සමින් ඉන්න හයිත ඔවාලා!
ආදරෙයි◇♡