Woon-Suyo

මගේ වළාකුලේ ඔයා හොදින් නේද බලලා යන්න ආවේ(⁠´⁠∩⁠。⁠•⁠ ⁠ᵕ⁠ ⁠•⁠。⁠∩⁠`⁠)❤️❤️
          මේඝ නැතුව නොසෑහෙන්න පාළුයි (⁠个⁠_⁠个⁠)

Sasha__Wang

@Woon-Suyo අනේ මගෙ පිනිපාට පැංචෝ මං හොදින්...ඔයාව මතක් වෙනෝ සෑහෙන..ඔයාගෙ පාට පාට වචන නැතුව වලාකුලටත් නොසෑහෙන පාලුයි පැටියෝ...❤️
            තව ටික දවසයිනෙ...ඉම්මන්‍ට එන්න පුළුවන් හොදද...ආදරෙයි ගොඩාරියක්  ❤️
Reply

sassybeast94

උදේම පිපුණ අයිරිස් මල..
          
          සීතල දෙසැම්බරේ උදේක, කම්මුල් වලට දැනෙන සීතලක, කෝපි කෝප්පයක් එක්ක පොතක් අතට ගත්තත් කෝපි කෝප්පෙට වඩා කම්මුල් අස්සේ ගිනිමැලයක් පත්තු කරපු වචන අහුර ගැන කියන්නම ඕනි අයිරිස් මල. අයිරිස් කියන්නේම රෝමාන්තික හැගීමක් නිසාම ඔයාව අද මට වෙනදා දකින විදිහෙන් වෙනස් කරන්නම වෙනවා සාශා...
          
          කෝමල ඇගේ රේඛාවෙන් රේඛාව සුසර කරන දවස අදද? නැත්තම් කවද්ද? 
          
          බේබි රෝස දෙතොල් රතු රෝස වෙන දවස අදද නැත්තම් හෙටද? 
          
          සියුමැලි ඇගිලි වලින් ඒ කමිස කොලර් මිරිකෙන දවස අදද ? නැත්තම් අද හවසද? 
          
          ඒ මන්දාකිණි ඇස් වලින් වින්දනීය වතුර බිංදු එළියට එන්නෙ අදද ? නැත්තම් කවද්ද? 
          
          අවසානයේ....
          
          කන් පිරෙන ඒ වින්දනීය ශෘංගාරය ඔයා ලියලා හංගගෙන නේද???
          
          අද වපුරපු අකුරු අහුර අයිරිස් මලක් වගේම සරාගියි සාශා  ❤️✨
          

Sasha__Wang

@sassybeast94 වෛවර්ණ මල් වලින් මාව පුරවන ලා පාට කහ මලට !!
            
            
            අද මාව අයිරිස් මලක් කලාට ස්තූතියි..දන්නවද ඔය අකුරු මගෙ කුටීර හතර අස්සෙ පිරුනම මට පුළුවන් පාට පාට වචන මවන්න...ඒ මවපු අකුරු වලට උඩින් ටින්කර්බෙල්ගෙ මායාකුඩු ටිකක් ලාවට වගේ ඉහින්න...
            
            ඉතින් ස්තුතියි දවසින් දවස මගෙ මතකකෝශෙට හැගීම් එකතු කරනවට...
            
            
            
            පොරොන්දු වෙනවා අද හංගපු ආර්විත්ගෙ රස්නෙ හුස්මයි මන්දාරගෙ පිරුනු හතියයි එක්ක ලිලී පාට බොත්තම් සී සී කඩ යවන බව ලගදිම !
            
            
            ආදරෙයි සතුටු පෙත්‍තට....❤️☕
Reply

Moonyh_

මන්දාර... 
          දන්නවද මං ආසම විශේෂන පද නැතුවම කතා කරන්න.එතකොට මට දැනෙනවා මට විතරක් විශේෂයි කියලා.මන්දාර කියද්දි මන්දාරමක් තරමට මගෙ පපුව බර වෙන එක⁣ට හේතුව මොකද්ද කියලා මං ඔයාගෙන් අහන්නැ මන්දාර... මොකද හේතු ඕනනැ ඔයා තනිකර මගෙ හිත හොල්ලන අළු පාට ආත්මෙක හිරවෙච්ච මනුස්සයෙක්! 
          
          මන්දාර...මන්දාර දන්නවද ආදරේ කොච්චර බරද කියලා.වින්ටේජ් ඇතුළෙ කෝපි සුවඳ අස්සෙ මත් වෙද්දි දුඹුරු පාට ලෝකෙ අස්සෙ ජීවිතෙ විඳිද්දි මං හිතන්නැ ඔයාට ආදරේ බර ගැන හාන්කවිසියකවත් තේරුමක් තිබුණයි කියලා. ඉතින්...සින්ඩරෙල්ලගෙ අයිතිකාරයා එක්ක ඇස් පැටලුණු තප්පරේ ගැන අහලා ඔයාව රිද්දන්නද.නැත්තන්.නාහා ඉඳලා පපුවට හැමදේම සින්න වෙලා යන්ක දෙන්නද මන්දාර! 
          
          දරාගන්න බැරි තරම් ආදරේකින් පපුව පිරුණ තප්පරේ හිතට දැනුනු හැඟීමට ලෝබ හිතුනා නේද.ඒත් වෙදැගිල්ල පුරාවට එතිලා තිබුණු නෛතික වළල්ල ඉස්සරහ ලෝබ හිතුන ආදරේම පපුවට විස වෙන්න ගත්තෙ නැ කියලා බොරු කරන්න එපා මන්දාර!මොකද මම දන්නවා.දැනුනු මනුස්සයා අන්සතුයි කියන ආරංචිය.බලාපොරොත්තු කප්පරක් හිතට දුන්නු මනුස්සයා තමන්ගෙ නෙවේය කියලා දැනෙන හැඟීම!එතනින් එහාට ඒ මනුස්සයා හුස්ම ගන්නෙ හදවතට ඕන නිසා මිසක් ආත්මෙට තවදුරටත් ජීවත් වෙන්න තියන ඌමනාවක⁣ට නෙවෙයි කියලා ඔයාටත් මේ වෙද්දි තේරිලා ඇති මන්දාර! 
          
          සාධාරණය කරනවා නේද තාමත්.නැ නැ අරෙහෙම වෙන්නැති මෙහෙම වෙන්නැති කිය කියා අර දැනුනු ඇස් දෙක රටේම ⁣තියන හේතු හොයන් තවමත් සාධාරණීකරණය කරනවා නේද මන්දාර?මට දුක ඕකමයි.මොකද ඇස් දෙකට පෙනි පෙනිත් මමත් ඔයා තරම්ම ඇබ්බැහි වෙච්ච ආත්මයක් හිතාගන්න බැරි තරම් සාධාරණීකරනය කලා මන්දාර.මට මාවත් නැති වෙලා යනකම්ම! 

Sasha__Wang

@Moonyh_ මන්දාරට ආදරේ කරන තද දම්පාට මලට !!
            
            
            පැලැස්තර ගැලවෙන සද්දෙට පවා කලබල වෙලා මන්දාරව තුරුල් කරගන්න තරම් ඔයා ආදරෙයි බව මන්දාර දන්නවා නම් සත්තයි ඒ කෝපි පාට හාදයා ආර්විත්ගෙම් නාහම ඔය දම්පාට මලව තදට බදාගනී..
            
            ඉතින් මේ ආදරේ මාත්තු කරපු වචන මට කොච්චර වටිනවද දන්නවද මගෙ ලමයෝ...හුගක් වටිනවා..
            
            
            ඉතින් මං මෙහෙම කියපු බව මන්දාර මන්දාරට කියන්නම් හරිද ! එහෙම කියපු ඊලග තත්පරේම ඒ හාදයට ඔයාව හොයන් එන්න හිතුනොත් මං රෑ අහස ලග තියන වීනස්ව පෙන්නන්නම්..
            
            
            
            ආදරෙයි මගෙ ලමයෝ !
            මේ වචන මට හුගක් වටිනවා...❤️☕ 
Reply

Moonyh_

මන්දාර..පැලැස්තරයක් කියන්නෙ තුවාල පපුව සනීප කරන දෙයක් නෙවෙයි.තුවාල පපුවකට මරණීය වේදනාව ඩිංග ඩිංග දැනෙන්න දෙන විස පිරිච්ච පිලිළයක් මන්දාර..ආදරෙන් ඉල්ලන්නම්.පරිස්සන් කරගන්න බැයිද.ම්..හිතන තරම් ආදරේ වේදනාව සුන්දර නැ මන්දාර.විරහ රහ තලු මැරුවට සීමාව පැන්න තැන ඉඳන් විඳවන්න වෙන විඳවිල්ල ලේසි නැ මන්දාර.
            
            ආස දේවල් එපා වෙයි!හැඟීම් ගල් වෙයි!තවදුරටත් බැඳීමක අංශු මාත්‍රික විශ්වාසයක් නැතුව යයි!අම්මා තාත්තා ගැන පවා සැකෙන් බැලෙන තරමට පපුව ඉරිතළලා යයි මන්දාර! 
            
            කමක් නැ.?මමත් ඔයා තරම්ම හිතුවක්කාර වුනා මන්දාර.දැන දැනම ගින්නට පැනලා මම මාවම අවුලගත්තා මන්දාර.දන්නවද මම අදටත් පිච්චෙනවා. නිවන්න බැරි තරමට ඇවිලිලා ඉවරයි ඉතින් මං ඉල්ලනවා ඔයාගෙන්.ඔයාවම ඔයාට නැති කරගන්න එපා දරුවො. 
            
            මං උඹට මාර ආදරෙයි මන්දාර.වැන්ජි වෙයිව ක්ලවුඩ් රිසස් අස්සෙ හංගගන්න හිතුවා වගෙ මට උඹව ගෙනත් මගෙ කැලැල් පිරිච්ච පපුව අස්සට හංගගන්න හිතෙන තරමට මට උඹට ආදරේ හිතෙනවා.
            
            හිතුවක්කාරයො. බිදෙන්න යනවා කියලා දැනුනොත්!සාෂගෙන් පාර අහගෙන ලූනා ගාවට එන්න.මට ඔයාව බරක් නෙවෙයි.මතක තියාගන්න.මන්දාරට ලූනා ඉන්නවා...♥️
Reply

sassybeast94

ආදරණීයම කුරුලු පිහාට්ට 
          
          ඉතිං ... කෝපි කෝප්පයක් ටිකක් තිත්ත වැඩි කරලා දීලා වැහි වලාකුලකින් හිත නිව්ව කපටිම ඇබිත්තමී..❤️
          
          එකින් එක පරිස්සමින් අලවපු පැලැස්තර ගලවද්දී රිදුනේම නැද්ද සුදු ඉද්ද මල? ❤️
          
          ස්වර්ග දොරටු පෙන්න පෙන්න දුහුල් සලු සියතින්ම ඈත් කරලා ගුරු පාටට හුරු බොත්තම් උලුප්පවද්දි , ඒ හේමන්තයේ නැවුම්ම හද වහන්න වැහි වලාකුලකට මොන තරම් සංයමයක් තියෙන්න ඕනිද රතු ඉද්ද මල? ❤️
          
          ආදරයෙන් අමුණපු සදුන් කල්ක අහුර හැගීම් වලින් ගැබ්බරයි සාශි ❤️
          
          
          

sassybeast94

@Sasha__Wang
             ආදරණීයම ලා බාල පුංචි Baby's breath  මල...
            
            හිනාවෙන්න හිත කොනක තියා පේන තෙක් මානෙක වත් හේතුවක් නෑ කියලා මූණ බෙරි කරගත්ත මගේ හිනවකට අහෙතුකවම හේතුවක් වුණ පුංචිම ඇබිත්තමීට මම චූටි රහසක් කියන්නම්. ඔයාට ඔයා කියන්නෙම හිනාවෙන්න හේතුවක් මගේ නංගී. ආදරේ පිරුණ හිතක් කියන්නෙම හිනාවක්. ඔයා ඔයාව දරා ගන්න එකම හිනාවක්, සතුටක්.. ස්තූති වෙන්න ඒකට මැණික. ඔයා ඔයාවම දරාගන්න එකට. 
            
            Everytime look in to the mirror i say THANK YOU GOD. YOU DID A DAMN GOOD JOB. 
            
            සතුට බෙදන පොලියානා දුකින් ඉන්න ඔට්ටු නෑ ❤️
            
            
Reply

sassybeast94

@Sasha__Wang 
            
            අලුත් සුවද තීන්ත පැල්ලම...
            
            දන්නවද කහ මල, සුවපහසු හැගීම් වලින් ඉතිරුණ පුංචි හිත් හරිම මුදුයි... තෙතයි , සුවදයි... ඉතිං නපුරු මූසල හැගීම් උනත් එහෙම හිත් තලන්න හරි ළගට එන්න ආසයි... ඒක තමා ලෝකේ හැටි මැණික. අනුන්ගේ හිත් වල සදුන් තවරන ගමන් ඔයාගේ හිතෙත් සදුන් ගාගමු.. වැටෙන්න දෙන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න බෑ කහ මල.. ඒත් වැටෙන හැමතැනම ඔයාගේ හිත නිවලා ඔයාගේ හිත පුරාවටම කුමුදු මල් හැගීමක් දෙන්නම් කියලා පොරොන්දු වෙන්නම්. ජීවිත ගමනේ නිවාඩුවේ හිතලා හිංචි පිංචි අඩි තිය තිය ඇවිදින්න මැණික. සත්තයි එතකොට තුවාල වෙන්නේ නෑ..❤️✨✨
Reply

Sasha__Wang

@sassybeast94 තැපෑලෙන් පිච්ච මලක් එවන්නද කියන්නකො !! 
Reply

Moonyh_

          ඒයි... ඕවර්ඩෝස් ඕනනෙ මේ දරුවට... ම්හුක් 

Moonyh_

@Sasha__Wang ඔයා හිමිට කල් අරන් ලියන්න සුදුබබො... මට පුළුවන් බලන් ඉන්න හරිත... ❤️
Reply

Sasha__Wang

@Moonyh_ සතියක් දෙන්න බබෝ 
Reply

Woon-Suyo

වලාකුළු පැංචො ඉතින් තව සති දෙක්කින් තමා මං free වෙන්නේ ❤️
          
          ඉතින් ඊටපස්සේ මට අධීමාත්‍රාවක් වෙච්ච මේඝ ගෙයි තාරු ගෙයි ආදරේ ඇතුලේ තනි වෙන්න ඕන 
          උණුම උණු කෝපි කෝප්පයක් බොන ගමන් vintage කියවන්නන් ඕනේ 
          ඒ වගේම සතුටු පැත්තක් අරගෙන පැලැස්තර අලවපු හදවතක් බලන්න එන්නත් ඕනේ 
          
          මේඝ ට යි තාරු ට යි සාෂා ට යි රතු රෝස මල් පොකුරක් එක්ක මං ආසම ට්‍රයිඩැක්ස් මල් කිනිත්තකුත් අරගෙන තව සති දෙක්කින් එනකන් පරිස්සමින් ඉන්න ඕන හාද (⁠*⁠˘⁠︶⁠˘⁠*⁠)⁠.⁠。⁠*⁠♡
          
          ආදරෙයි හර්ත මගේ හිත නිවන වළාකුලේ ( අහස් නිල් පාට ලස්සන හාට් එකයි කහ පාට හඳ මූණයි #එමෝජිදාන්නබැරිනිසානේමේසේරම ම්හුක්)
          
          

Sasha__Wang

@Woon-Suyo මගෙ හිච්චි සතුටු පෙත්ත !!
            මං බලන් ඉන්නවා දරුවෝ...ඔයා ආයෙත් පරිස්සමින් එනකම්..නොකිව්වට ඉතින් ඔය පැංචා නැතුව වලාකුලටත් නොසෑහෙන පාලු දැනිලා තියෙන්නෙ..
            
            
            මේඝයි තාරුයි මායි බලන් ඉන්නවා ඔයාගෙ රෝස පැටව් ටික එක්ක අමුතුපාට ට්‍රයිඩැක්ස් පැංචෙකුත් දෙනකල්....
            
            
            මේ අමාරු දවස් ටිකේ හොදට පාඩම් කරන්න ඕනි හරිතේ... ආදරෙයි ගොඩාක් මගෙ වලාකුලු පැංචිටත් මං....❤️ ( පැලැස්තරේයි වලාකුලයි කෝපි කෝප්පෙයි ලියාගන්න බැරුව අසරණ වෙලා ඉන්න #Wangsasha )
Reply

sassybeast94

ආදරණීයම දොඩම් සුවද කපටි ඇබිත්තම...
          
          කෝපි සුවද ස්ට්‍රෝබෙරි එක්ක මුහු කරන්නම ගිහින් ආපස්සට හරවන කපටිම සීතයේ හිම පියල්ල. දවස අවසානේ ආදරෙන්ම පිළිගන්වපු කෝපි කෝප්පේ චුට්ටිත්තක් වුණාට රසයි මැණික ❤️

Sasha__Wang

@sassybeast94 ආදරේ පිරුනු මගෙ සතුටු පෙත්ත !!
            දැන් මට කොහෙන්දෝ ඉදන් තද තැඹිලි පාටින් දිස්නෙ ගහන ලා දොඩම් සුවදකුත් දැනෙනවා..ලස්සනම ලස්සන මායාකාර අහුරු පිටින් ඉහලා මගෙ හතර කුටීරෙම සතුටින් පුරවනවට !! ගොඩාක් ආදරෙයි සුතු පැංචෝ...️
Reply

sassybeast94

ආදරණීයම කහපාට ලිලී මල,
          
          මේ මල දන්නවාද නේද ස්තූතියි කියලා කියන්නෙම කහපාට ලිලී අහුරකින් කියලා..?  ඉතිං දවස් ගාණකින් වුණත් සීතලම දවස් වලට උණුසුම් කබායක් පොරවපු කහපාට ලිලී මල.... ආදරෙයි 

Sasha__Wang

@sassybeast94 මගෙ සතුටු පෙත්තක් උනු ආදරේ පිරුනු සින්ඩරෙල්ලට !!
            
            ස්තූතියි නොකියා ආදරෙයි කියන්නම් මං !!මේ කපටි ඇබිත්තම ඔය කහපාට ලිලීමල් අහුර පරෙස්සමෙන් හදවත් කුටීරෙක හැංගුවා...ආදරෙයි ගොඩක් ❤️
Reply

Woon-Suyo

මගේ හිත නිවන වළාකුලේ මං ආවා (⁠つ⁠≧⁠▽⁠≦⁠)⁠つ❤️ 

Sasha__Wang

@Woon-Suyo ඔයා වගේ මායාකාර පැංචෙක්ට කෝමත් වැරදෙන්නෑ...ඒ නිසා අපි ටාගට් එක කම්ප්ලීට් වෙනකල්ම මේක අතනෑර ඉමු...ඔයාට පුළුවන් ❤️
Reply

Sasha__Wang

@Woon-Suyo ආදරෙයිනෙ පැංචට මං !!
            ඔව්නේ බබෝ නිකං ඉන්න බැරිකමට ඔන්නොහෙ ලියනවා අනේ ❤️
Reply

Woon-Suyo

@Sasha__Wang exam ගැන කිව්වොත් එක විෂයක් නම් හොදම නෑ ඒ උනාට try and try one day you can fly කියලා හිතනවා❤️
Reply