අවුරුදු නිවාඩුව දුන්න ගමන් කඩාගෙන බිඳගෙන ගෙදරට ගිහින් ' අම්මේ අප්පච්චී අවුරුදු සීසන් හුරේ' කියලා කිවුවත් අද අහන්න වෙලා තියෙන්නේ ' අම්මේ gas තෙල් එහෙම තිබ්බද කඩේ අදත් නැද්ද ' කියලා.අත්තම්මාගෙන් මේකිගේ මල වදේ වරෙන් එහෙනම් කැවුම් හදන්න කියල අහගෙන පිටි නාගෙන හදපු කැවුම් වෙනුවට අද වෙලා තියෙන්නේ ' පුතේ අවුරුදු මේසෙට කිරිබත් අග්ගලා විතරක් ඇති නේද කියලා අහගන්න.හවස් වෙද්දි වටේම කැරකිලා යාළුවෝ එක්ක අවුරුදු උත්සව වල පිස්සු නැටුවත් දැන් අව්වේ කරවෙවි උද්ඝෝෂණ කරන අහිංසක මිනිස්සු දිහා බලන් ඉන්න වෙලා.අත් පුරවලා තැගි අරන් ඉස්සර ගියපු නෑගම්,ගම පුරා නටපු නැටුම් අද වීඩියෝ කෝල් එකකට සීමා වෙලා.වාහන වලට තෙල් නැති නිසා.කොටින්ම කිව්වොත් අවුරුද්දේ වැඩියෙන්ම උද්යෝගයෙන් සමරන අලුත් අවුරුදු උත්සවය මේ සැරේ තවත් එක සාමාන්‍ය කම්මැලි දවසක් විතරයි.
බොහෝමත්ම ස්තුති අපේ පරම්පරාවට දුන්නු මේ අවුරුදු තෑග්ගට
_shooky