ප්‍රේමය සහ බැඳීම...
මා දන්නා ලෝකයේ බැඳීම් ආකාර දෙකක් ඇත.
එකක් ප්‍රේමයෙන් යුත්ත බැඳීම් ය.
අනෙක ප්‍රේමයෙන් මුක්ත බැඳීම් ය.
ප්‍රේමයෙන් මුක්ත බැඳීම් හුදෙක්ම අයිතිකර ගැනීම් ය.
ප්‍රේමයෙන් යුක්ත බැඳීම් පක්ෂපාතීය, අවංකය.
නමුත් ප්‍රේමය එසේ නොවේය.
බැඳීම් වලින් මුක්තව ප්‍රේමයට පැවතිය හැක.
බැඳීම් නැති පෙම්වතුන් ලෝකයේ එමටය...
ප්‍රේමය මෙසේයි කියා පෙන්වීමට සමත්
අටුවාටීකා, පල් හෑලි මා දැක නැත.
ප්‍රේමයට වංක විය හැකිය, විශ්වාසයන් කඩ කල හැකිය...
ප්‍රේමය භයානකම අපරාධකාරයා ය.
එයට කළ නොහැකි අපරාධයක් නැති තරම්ය.
පුදුමය නම් කෙතරම් සාපරාධී උවත්
ප්‍රේමය නිදොස් වී නිදහස් වීම ය.
ප්‍රේමයෙන් යුක්ත බැදීමකට පමණක්
ප්‍රේමය නම් සාපරාධී වරදකරු
හීලෑ කොට හමාරව කූඩු කොට සිරගත කළ හැකිය...