TaraNemeth9

          කබඩි ~ by vinu adi..
          
          මේ දවස්වල පිස්සුවෙන් කියවන කතාවක්....
          අතිතටම කීවොත් කම්ෆර්ට් කතාවක්...
          
          කබඩි ටීම් එකේ කැප්ටන් විද්වාන් කියන්නෙ අයියලා දෙන්නෙක් මැද්දෙ කටකාරකමට නසරාණිකමට ඕන දේකට ඔට්ටු ආදරණීය කොල්ලෙක්...
          
          ඒ එක්කම වොලිබෝල් ටීම් එකේ මිහිදුම් කියන්නෙ කබඩි ටීම් එකට ඇටෑක් කරන නහරකාරයින්ගෙ නායකයා......
          සීතල නිශ්ශබ්ද අයිස් කන්දක්..
          
          මේ දෙන්නා එකට හැප්පුණොත් කොහොම වේවිද ??
          සීතල නිශ්ශබ්ද මිහිදුම් ඇත්තටම සීතලද....
          විද්වාන් ට ඒ සීතල මිහිදුම් අස්සෙ ඉන්න අහිංසකයාව අදුනගන්න පුලුවන් වෙයිද ??
          
          ඒ එක්කම විද් තාමත් නොදන්න එයා වටේට කැරකුණ රහස මොකද්ද....
          එයා හිතනවට වඩා වෙනස් කෙනෙක්ද...
          
          විද් මිහිදුම් කතාවත් එක්කම නුරාග සිදත්... පොඩී ශකී , විශාල් අනූ ආදර කතාත් කියවන්න එකතු වෙන්න...
          
          දැනට කොටස් 66 ක් තියේ...
          සරල , හිත නිවන ආදරණීය කතාවක්..
          ඕතර්ගෙ නිදහස් ලිවීම් රටාව වගේම චරිත ගොඩනැගීම හරි ලස්සනයි....
          
          කියවලාම බලන්නකො...❤️
          
          
          
          
          
          
          
          
          https://www.wattpad.com/story/372688638?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=TaraNemeth9

sihinapanhida

ඔන්න ඔයා කිව්ව ගමන් ලයිබ්‍රි එකට දාගත්තා කබඩි
Reply

Vinu_Adi

@TaraNemeth9  අනෙ දෙයියනේ මං දැන් දැක්කෙ..❤️
Reply

TaraNemeth9

@TaraNemeth9 විසාල් අනූ දෙන්නට ආසයි මම.....
            විසාල්ට තිනෙරුව දෙන්න බෑ... තිනෙරුට ඕනෙ එයාට රිද්දුවෙ නැති කෙනෙක්ව....
            අනූ වැඩිමල්නෙ.. විසාල්ව හදලා ගනීවි..
            ඔන්න බලන්නකො විසාල් අනුවා පස්සෙන් ආදරේ ඉල්ලන් හිගාකන මට්ටමට වැඩ සිද්ද වෙන්නැද්ද කියලා
Reply

TaraNemeth9

අපූර්ව ~ 200k 
          
          පලවෙනි වතාවට මගෙ කතාවක් 200k පාස් කරේ..... 
          ස්තූතියි කියවලා සපෝට් කරපු හැමෝටම..

Meaara_Neranjana

@TaraNemeth9 congratulations ...❤️❤️❤️
            ඇත්තටම කතාව හරිම ලස්සනයි..ඒ වගේම සංවේදී වෙන්න ඕනේ තැන් ඔයා හරිලස්සනට ලියලා තියෙනවා...❤️❤️❤️ මාත් ගොඩක් අසා කතාවක්..මොකද වෙන්නේ කියලා බලන් ඉන්නවා..❤️❤️❤️
Reply

Woon-Suyo

@TaraNemeth9 congratulations Akke ❤️✨
Reply

TaraNemeth9

Mandy ගෙ ලස්සන කතාවක්...
          කැමති අය කියවලා බලන්නකෝ....
          .
          .
          
          සමරිසි ආදරේ අපි දකින තරම්ම සුන්දරද? 
          සමරිසි තරුණයෙක්ගේ මතුපිටින් පේන තරම් සැහැල්ලුයි සරලයිද? 
          අපි මවන ෆැන්ටසිය ඇත්ත ලෝකෙන් කොයිතරම් දුරද කියලා දැනගන්න නම් ඔයාලා නිර්මලගේ කතාව කියවන්නම ඕන!!!
          සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියැවුණු 'තිමිරයන් බිඳිමි'
          
          https://www.wattpad.com/story/371456023?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Mandy_129

Vinu_Adi

@TaraNemeth9  ඒක ලස්සනයි..මාත් මඅල ටික කියවල.ලයිබ්‍රි දාගත්තා..පුතුමයක් නැ...සුතුපුතීට සෙට් වුන එක ගැන..මටත් සෙට්නෙ
Reply

TaraNemeth9

මගේ කතාවලින් ඔයැයිලගෙ හදවතේ ටොපා කවූත....
          බෝධි කියලනං කියන්නෙපා පුම්බලා උඩ යවනවා .....
          
          නිකමට අහම්නෙ....

Vinu_Adi

මේක දැක්කෙ දැන් යකෝ...අර්හ්හ් මට මිස්වෙලානේ... හදවතේ ටොප්ද..අම්ම්ම් ශෙවෝන්...මට නං ශෙවෝන්...ඊලගට ශාධි ( මට ඒයකාව පේන්න බෑනේ <[•_•]> )  හදවතේබොටම් නං..අන්න එතන නං දැන් දෝලනය වෙනව මාව...ලියෝ..එතකොට බෝධි ..වථිල අනේ මං තුනටම ආසයිනේ...කම්ප්ලීට් දෙකෙන් නම් ඉතින් වථිල..
Reply

hashiii____19

ශාධිත්‍ය ❤️
Reply

wenzhouWANGXIAN

@TaraNemeth9 නිර්මාණ ♥️
Reply

TaraNemeth9

          බෝධි ~ 45
          
          (වචන 6000 කට එහා තීයෙනවා හොදේ..ක්‍රිස්මස් ප්‍රසන්ට් එකක් විදිහට දෙන්න ඉදීයෙ...ඒත් ලියාගන්න බැරිවුණානෙ...
          ඔන්න දෑන් දැම්මා...
          හෙට පාන්දර නැගිටි්න්ත්  ඕනෙ...  කමෙන්ට් කරලා තියන්න හොදේ...හෙට බලලා මිස්ටේක් තිබ්බොත් එඩිට් කරන්නං....දැන්වැරදිහදන්න වෙලාවක් නෑනෙ..
          
          බායි...
          
          https://www.wattpad.com/1505318426?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=TaraNemeth9
          
          

TaraNemeth9

@TaraNemeth9 හෙට නෙවේ...අද!! අද!! 
Reply

TaraNemeth9

Book recommendation #1 
          (මුද්‍රිත පොතක් හොදේ )
          
          ආමන්ඩ් (Almond )
          By won pyung sohn
          පරිවර්තනය : මහේෂි වීරකෝන් 
          
          ආදරය , බය , කේන්තිය වගේ අපේ මූලික හැගීම් ඇතිවෙන්න බලපාන්න මොලේ තියෙන ආමන්ඩ් හැඩයෙ අමිග්ඩලාව කියන ග්‍රන්ථිය උපකාරී වෙනවා...
          උපතින්ම මේ ග්‍රන්ථිය පුංචිවට පිහිටීම නිසා හැගීම් දැනිම් අඩුවෙන් දැනෙන එක හදුන්වන්නෙ  alexthimia කියන නමින්...
          
          උපතින්ම හැගීම් දැනීම් අඩු පිරිමි ළමයෙක් වෙන සියොන් යුන්ජේ ට අවුරුදු දාහතරෙදි  ලොකු අනතුරක් සිද්ධ වෙනවා....
          එයාගෙ මූණ ඉස්සරහම දාම ඝාතකයෙක් එයාගෙ අම්මටයි අත්තම්මටයි පිහියකින් අනිනවා..... 
          ඒත් යුන්ජේට කිසිම හැගීමක් දැනෙන්නෙ නෑ..
          සීතල විදිහට බලාගෙන ඉන්නවා...
          හැමෝටම ඒක ලොකු ප්‍රශ්නයක්....
          යුන්ජේ ගැන එක එක කටකතා පවා පැතිරිලා යනවා...
          
          හදිස්සියේම අනාථයෙක් වෙන යුන්ජේගෙ ජීවිතේට මුණ ගැහෙනවා බලාපොරොත්තු නොවුන දෙන්නෙක් ...
          ඒ හැමෝම රාක්ෂයෙක් විදිහට හදුන්වපු 
          ඒත් යුන්ජේට විතරක් ඒ රාක්ෂ ගති අස්සෙ තියෙන හැගීම් පෙනෙන... හැමවෙලාවෙම කේන්තියෙන් ඉන්න  ගොන් , 
          ඒ වගේම යුන්ජේට තේරුම් ගන්න බැරි සෞන්දර්යාත්මක ගතියක් හිත අස්සෙ ඇති කරන ඩෝරා.....
          මේ දෙන්නා යුන්ජේගෙ ජීවිතේ වෙනස් කරනවා....
          
          හැගීම් දැනීම්නොදැනෙන පිරිම් ළමයෙක් අස්සෙන් හැගීම ගැන කතා කරන එක හරිම සංයමයෙන්... අපූරු විදිහට මේ පොතේ ඉදිරිපත් කරලා තියෙනවා....
          
          යුන්ජේ අහනවා වගේ....
          ඇත්තටම මිනිස්සු හිතන තරම්ම හොද අයද ??
          හැගීම් දැනීම් දැනුන පලියටම මිනිස්සු ඒ මිනිස්සු අනිත් මිනිස්සුන්ගෙ වේදනාව නැතිකරන්න යමක් කරනවද ??
          
          කතාව කියවලා ඉවර වුණාම මටත් ප්‍රශ්නයක් එනවා....
          ඇත්තටම රාක්ෂයො කියන්නෙ හැගීම් දැනීම් නොදැනෙන අයමද ??
          එහෙම නැත්තං හැගීම් දැනීම් දැනෙනවා වැඩිකම නිසාම ලෝකෙට වෛර කරන මිනිස්සු ද ??
          
          කියවලා බලන්න... යොවුන් වයසෙ අයට තමන්ගෙ හැගීම් අදුනගන්න මේක හොද පොතක් වේවි...
          
          මේ පොත bts සංගීත කණ්ඩායමේ leader kim Nam joon වගේම suga සෑම තරුණයෙක්ම කියවිය යුතු පොතක් විදිහට නිර්දේශ කරලා තියෙනවා ...
          
          සටහන 
          තාරු (Tara )

TaraNemeth9

@vihins2004 මම නං ගත්තෙ නුවර  ගුණසේන බුක්ෂොප් එකෙන්... 
            ඕඩර් කරලත් ගන්න නං පුලුවන් ඇති..
            හරියටම දන්නෑ
Reply

vihins2004

@TaraNemeth9 e book ek gnn puluwn widihak keynnko
Reply

muthumian

@TaraNemeth9 Sounds like interesting❤️ 
Reply