Hi,
අගයක් නොමැති කඳුළු වෙනුවෙන්
ඇස් කොච්චර නම් වේදනා විදින්න ඇති ද
සුව කිරීමට නොහැකි බව දැන දැනත්
හදවත කොපමණ නම් තුවාල කර ගන්න ඇති ද
ඉටු නොවන බව දැන දැනත්
සමහර හීන වෙනුවෙන්
සුසුම් හෙළපු වාර අනත්තවත් නෙමේ ද
ඉතින් තිත තියන්න මේ බොළද හැඟීම්වලට
පූදින්න ඉඩ දෙන්න
ඔබේ නමින් උපන් මල් කැකුළුවලට.....️