Yami_manu

*අඩන්න ඉන්නෙකාගෙ ඇහට කටු අනින මිනිස්සු සෑහෙන්න මේ ලෝකේ ඉන්නවා!* 
          	
          	නැ මං කතා කරන්නෙ උන් ගැන නෙවේ, අඩන්න ඉන්න උන් ගැන.
          	•කට්ට අනින්න හදනෙකාට බැන බැන සමාජේ හදන්න නැටුවට, එකෙක්වත් ගිහින් අඩන්න ඉන්න එකාගෙන් "ඇයි අඩන්නෙ?" කියල අහන්නෙ නැ!!
          	•ඇක්සිඩන්ඩ් එකක් උනොත්, හප්පපු එකාගෙන් ගාණක් කඩාගෙන ඌව කූඩුවට දානකල් නැටුවට, එකෙක්වත් ගිහින් හැපිච්ච එකා සුවදුක් බලන්නෙ නැ!!
          	
          	පිරිමින්ගෙ අහවල් එකෙන් පිටවෙන මොනාදො ජාතිය වගේ සමාජයක් නෙ මේක
          	(නෑ මම කුණුහරප දන්නෙ නැ!!)
          	
          	එක්සෑම් නිසා පොඩ්ඩක් දන්නැද්ද~ ඒත් මම කිව්වෙ තිත්ත ඇත්ත!!!

Luna_shelo

al iwroo amurtha update gendoo

Yami_manu

@Luna_shelo Feb. 21 n passe aluth updates aniwaryen denawa....
            mama wattpad ekt enne na wadiya, update okkama schedule krla thiyenne parana ewa. ek nisa ewa automatically watenawa :)
            
            Mn aluth update ekak feb 25 genawa aniwa :)))
Reply

Yami_manu

*අඩන්න ඉන්නෙකාගෙ ඇහට කටු අනින මිනිස්සු සෑහෙන්න මේ ලෝකේ ඉන්නවා!* 
          
          නැ මං කතා කරන්නෙ උන් ගැන නෙවේ, අඩන්න ඉන්න උන් ගැන.
          •කට්ට අනින්න හදනෙකාට බැන බැන සමාජේ හදන්න නැටුවට, එකෙක්වත් ගිහින් අඩන්න ඉන්න එකාගෙන් "ඇයි අඩන්නෙ?" කියල අහන්නෙ නැ!!
          •ඇක්සිඩන්ඩ් එකක් උනොත්, හප්පපු එකාගෙන් ගාණක් කඩාගෙන ඌව කූඩුවට දානකල් නැටුවට, එකෙක්වත් ගිහින් හැපිච්ච එකා සුවදුක් බලන්නෙ නැ!!
          
          පිරිමින්ගෙ අහවල් එකෙන් පිටවෙන මොනාදො ජාතිය වගේ සමාජයක් නෙ මේක
          (නෑ මම කුණුහරප දන්නෙ නැ!!)
          
          එක්සෑම් නිසා පොඩ්ඩක් දන්නැද්ද~ ඒත් මම කිව්වෙ තිත්ත ඇත්ත!!!

Yami_manu

අවකලනය අනුකලනය, ශ්වසන පද්ධතිය දිලීර හෝමෝන වර්ග, සමාගම් ගාණ මූළ්‍යමය සාරාංශ, රාජවංශ අක්ශාංශ දේශාංශ,  වන්නම් නැටුම් සතර අභින, ඔටෝ මොබයිල් බී ටෙක්, සන්නිවේදන ක්‍රම ලොජික් ගේට්ස්...
          ඔය ඔක්කම අස්සෙ හිස ගහන් ඉදලා හෙට ඉදලා පටන් ගන්න විභාගෙට මූණ දෙන්න ඉන්න, අතර මැදදි මං වගේම වට්පෑඩ් ඇවිත් පොතක් කියවලා ඔළුව නිදහස් කරගත් මා හිත මිත්‍රාදීන් සියළු දෙනාටම
          පාඩම් කරපුව හොඳට හෙට වැමෑරේවා යැයි එක සිතින් පතන්නෙමි....
          සුබ පැතුම්....

Yami_manu

අමෘත oni කියලා තිබ්බ ඉල්ලීමක් නිසා මේක අය දානවා.... හෙමීට දාන්නම්.... එක එක.... මොකද මම අප්ඩේට් දෙන්නෙත් නැති නිසා....
          https://www.wattpad.com/story/345640412

Hy_Happiness

@Yami_manu ඇයි අයින් කරලා තිබුනේ
Reply

Yami_manu

Bring some vivid hues to this monochromatic planet! Your vibrations are your thoughts, and you will create your own world. Your own world lends an aura to this universe. 
          The aura you send to the universe decides how successful your life will be. 
          Soo... make good intentions!!!! 
          
          -pikachuuu

Yami_manu

රාත්‍රියේ සැනසෙන උන්..
          උන් ඇත්තටම කළුවරට බයයි!!!
          තමන්ව වහන් වෙනවට කැමති උන්
          උන්ගෙ ඇස් වහන් වෙනවට බයයි!!!
          ගිනි පෙලෙල්ලෙන් බැට කාපු උන්
          කණාමැදිරි එළියටත් බයයි!!!
          
          -පිකාචූ....

Yami_manu

ඈත කන්දක යෝධ දළඹුවෙක් උන්නා. උදේම නැගිටලා ගිහින් ඒ දළඹුවා දෙසට නෙත් යොමාගෙන "සුබ උදෑසනක්" කියා හිතින් පතන එක පුරුද්දක් උනා. එයා මට ආවඩනවා කියලා හිතුවා. එයා මගේ යහළුවෙක් උනා. මීදුම් පට අතරින් එයා දිහා බලන්න මම ගොඩක් ආස කළා.
          එන්න එන්නම කාලේ ගෙවුනා... කලබලකාරී ජිවිතයක් ළං උනා.... ලොකූ රූස්ස ගස් මගේ යෝධ දළඹුවාව වහලා දැම්මා. එයාව බලන්න මට ගොඩක් උස තැන් වලට යන්න උනා. 
          ආයෙත් කාලේ ගෙවුනා, එයාට උදෑසනින්ම සුබ පතන එක මට අමතක වෙලාම ගියා.
          දැන් ගොඩක් කල් ගෙවිලා....ඒ දළඹුවාව මට දැන් හරියට පෙනෙන්නේ නෑ.....
          ඉස්සර මම දැක්කා ඒ දළඹුවාට පුංචි අඬු දෙකකුත් තිබ්බා. දැන් මට ඒවා පෙනෙන්නෙ නැ. ඒ දළබුවාගෙ ඡායාව බොඳ වෙලා...
          කාලයාගේ ඇවෑමෙන් මම උපැස් යුවලක හිමිකාරියක් උන නිසා දළඹුවාව මට බොඳ උනා.
          
          - මීට ,
          පිකාචූ.....

Gunjeong

@Yami_manu 
            
            ගොඩාක් දුර ඉදන් හැමදාම එන ඔයාව බලන්න ඒ දළබුවාත් ආසාවෙන් ඉන්න ඇති . ඔයා "සුබ උදෑසනක් !" කියනවා අහන්නම  එයත් ආසාවෙන් ඉන්න ඇති . ඔයාට කරන්න වැඩ ගොඩක් තිබ්බත් එය මුළු ජීවිත කාලේම කරපු එකම වැඩේ ඔයා එනකන් බලන් ඉදපු එක වෙන්න ඇති . ඒක නිසා කාලයක් යද්දී ඔයාට එයාව අමතක වෙලා ගියත් තාමත් එයා ඔයා එනකන් බලාගෙන ඉන්නවත් ඇති . සමහරවිට එයා හෙමින් හෙමින්      ඒ ලොකූ රූස්ස ගස් අස්සෙන් ඔයාව හොයාගෙන එන්නත්  පුළුවන්. ඒක නිසා කවදාවත් එයාව අමතක නොකර ඉන්න !
Reply