අපිට හුඟක්ම රිදෙන්නෙ අපි හුඟක්ම ආදරේ කරන කෙනෙක් අපිට රිද්දුවොත්.. . ඉතිං..
1. තමන්ට රිදවපු කෙනෙක්ට දෙන්න පුලුවන් ලොකුම දඬුවම මොකද්ද..?
* මං හිතන්නෙ හැම දෙයක්ම ඉවසන් ඉඳල අවසානයේ නිහඬ වෙන එක තමයි හොඳම..
2. ඒත් කොහොමද ආදරේ කරන කෙනෙක්ට දඬුවම් කරන්නෙ.
* ඔව් ඒක කරන්න අමාරුයි. අන්න ඒ නිසයි නිහඬව ඉන්න එක වඩාත් සුදුසු.
3. ඒත් හිත හදන් එහෙම ඉන්නෙ කොහොමද..? මට ඒක කරන්න අමාරුයි.
* ඔව්., ඒකට හේතුව මයා එයාට ඇබ්බැහි වෙලා නිසා. පොඩ්ඩක් කාලය අරන් හිතන්න තමන් ගැනම. මං කිව්වෙ අර නිහඬව ඉන්න කාලය තුල හිතන්න.
4. මං ගැන මොනව හිතන්නද.? මට එයා නැතුව බෑ. එච්චරයි.
* ඇයි ඔයාට අමතකද..?
එයා නිසා ඔයාට කී පාරක් තුවාල වුනාද කියල,
ඔයා කොච්චර වේදනා වින්දද කියල, සමාජයේ ඔයා කොච්චර අපහසුතා වලට, ලැජ්ජාවට පත් වුනාද කියල, කොටින්ම තමන්ගෙ ආත්ම ශක්තිය , අභිමානය පවා එයා පාගල දැම්ම කියල.
ඒ කැලැල් දිහා බලල ආයෙම මතක් කරගන්න.
තේරුම්ගන්න.. ඔයා, ඔයා තුල ජීවත් වුන අහිංසක, නිදහස් වගේම ආදරනීයම දරැවව ටිකෙන් ටික මරල දාන්න හදල. එලියෙන් හැමෝටම හොඳ මුහුනක් පෙන්නන්න ඕන නිසා ඔයා ඒ දරුවව කූඩු කරල, හිර කරල.
දැනටමත් එයා පන අදිනව වගේ නම් ඔයා වහාම එයා ගැන බලන්න ඕන. එයාට ප්රතිකාර කරන්න, එයාට ආදරය කරන්න. එයාව නිදහස් කරන්න.. කොටින්ම කිව්වොත්, එයාව ජීවත් කරන්න මහන්සි වෙන්න.
අනිවාර්යෙන්ම දවසක ඒ දරුවට ආදරේ කරන කෙනෙක් එයාව බලාගන්න ඔයත් එක්ක එකතුවෙයි.
♥️ ♥️ ♥️