_Aureliya_
Part 02 .
එතනින් එහාට ඒ සිංඳුවේ අර්ථය මොන වගේ දිශානතියකින් ගියාද කියන එක ගැන මට ඇත්තටම නිනව්වක් තිබ්බේ නෑ........ මට ඒක ගැන දැනගන්න ඕන උනෙත් නෑ........ ඒ වෙතත් ඉතිරි පැදි වල තේරුම පොඩ්ඩ්ක් හරි ඔලුවට එන වෙලාවක , මං ඒක මගේ පපුව හරහාම යන විදිහට ආනත කරගත්තා.... මොන පැත්තකට විසිවෙන්න ඒ වචන ලියලා තිබ්බත් ඉතුරු වචන ටික උනත් මට අනුව ගියේ ඒ වෙලාවේ මගේ තත්වය නිර්වචනය කරගෙන විතරයි .............
කොහොම හරි ..........
මටම කියලා ලියපු වගේ දැනුණ වචන ටික එයාට නොකියා කොහොමද ? ...........මට හිතුනෙ එහෙම
ඒත් ආදරේ කරනකොට හිතට දැනෙන හැමදේම වචනවලට පෙරලා හුවමාරු කරගන්න ඕනේ නෑ කියන රීතිය මං දැන් දැනගෙන හිටියට...... එදා මම ඒක දැනගෙන හිටියේ නෑ !!!
ඉතිං මගෙන අහන්න එපා......
ඇත්තටම මගේ ප්‍රේමය ඒ කියපු විදිහට , මට ඕන උන විදිහට................
දෙතොල් මතම විතරක් නැවතුනාද?
එතනින් එහාට වෙහෙසකර ගමනක ගියේ නැද්ද? කියලා ......
මොකද ................
ආදරේ දිග , පළල , උස තමන්ට ඕනා විදිහට රැකගන්න නම් අනෙක් පාර්ශවයෙන් තමන්ගේ අවශ්‍යතාවයේ ස්වරූපය හංගලා තියාගන්න ඕනා කියන එක මං දැනගෙන හිටියා උනත් ............
සමහර වෙලාවට ජීවිතේ අපි පරිණතභාවයක් එක්ක ලබාගෙන තියෙන , තමන්ගේම මනස ඇතුලේ වෙන විපර්යාස ටික දිහා බලන්න , වෙනම මනුස්සයෙක් විදිහට තමන්ගේ ආත්මේ අතහැරලා එළියට ගිහින් ..........
මූන පාන හැම සංසිද්ධියක්ම හරියට අදාල කරුණින් ග්‍රහණය කරගෙන, ඒ මොකක්ද කියන එක හරියටම අනාවරණය කරගැනීමේ හැකියාවට පවා අභියෝග කරන .........
ජීවීතේ ඕනෑම මොහොතක අපිව අවිඥානිකනව හසුරුවන්න පුළුවන් "හැඟීම්" කියන කර්මානුරූපය ඇතුළේ මට වින්දිතයෙක් වෙන්න උනා..............
උනාම නෙමෙයි
" ඒක අවිඥානික තෝරගත්තා !!! " කිව්වොත් නිවැරදී .............
ඉතින් ඔයාලට පසු වදනක් ඕනෙම නම්
තහවුරු කරගැනීමේ උමතුව ට යටත්ව බොහෝ දේවල් වචන වලට පෙරලුණ නිසා සැලසුම් කරපු විදිහට කිසිම දෙයක් සිද්ධ උනේ නෑ !!!! කියලා විතරක් කියන්නම් ..........
"කොළරාකාලේ ආලේ " පොතේ ඉස්රහාම පිටුවේ තියනවා වගේම............
"ආදරය අන්ධ නොවෙනවා පමණක් නොව සියලු අඩු ලුහුඬු කම් හොඳින් දකී ! එහෙත් ඒ කිසිවක් ගනණ් නොගනී........ "