මිහිරාවියේ...
පටලවාගෙන ඇඟිල්ලක
නුඹේ අක්බඹරු,
සිනාවෙන් හීන් වෙන
නෙත් යුගේ පැටලෙමින්..
නළවන්න ආසයි
කෙහෙරැළි හුරතලෙන්..
තබාගෙන නීල දෙනුවන්
වසඟවම මා නෙතේ..
රිදවන්න ආසයි දෙළවන්
දකිමින් පියවෙනා හැටි
මිහිරෙන් නෙතුපියන්..
පියමැනුම් මැද දඟ කරන
නිතඹ මිටිකර අතට,
රිදවමින් දඟ කර
විළියෙන් රවන දෑසේ
උදහස නොදුටු සේ
හිනැහෙන්න ආසයි,
ඔබට රහසින්..
සුසුමකට සුසුමකින් ලං ලංව
ළමැදේ සැඟවෙමින්,
තෙරපෙමින් හදවතට,
නළල් හාදු මැද
නිවෙන්නට ආසයි සීරුවෙන්..
මිහිරාවියේ මගේ..
ඉතිං,
පැමිණීම ප්රමාදයි ඔබේ..
ඒත්,
බලාහිදීමේ පොරොත්තුව
සදාකාලිකයි..❤️
මං ආදරෙයි..❤️