_Fayette_
අද මහ අමුතු වැඩක් වුනා ළමයි.මන් අද බෑන්ක් එකට ගියා වැඩ වගේකට හරිද.අම්මට හදිසි වැඩක් වැටිලා මල්ලිවත් මාත් එක්ක එව්වා.ඉතින් මන් බෑන්ක් එකේ වැඩේ ඉවර කරන් අම්මා කෝල් එකක් දෙනකන් ඇතුලේ සෙටි එකක වාඩිවෙලා හිටියා මල්ලිත් එක්ක. හෙට පෝය නිසා අද මාර සෙනගක්.අපි හිටපු හරියේ සල්ලි ගන්න පෝළිම.වයසක අය තමා ගොඩක් හිටියෙ.ඉතින් ටිකකට පස්සෙ ටිකක් වයසක පොරක් ඇතුල්ට ආවා. කොන්ඩෙත් සුදු වෙලා ඒ වුනාට අර හෙනට කිට මරලා ඇදපු පොරක්.මනුස්සයා ඇවිත් සල්ලි ගන්න කොළයක්වත් පුරවන්නෙ නැතුව පෝළිමෙන් හිටගත්තා. එවෙලෙ අපෙ මල්ලිට ඈනුමක් ගියා. පස්සෙ මේ මනුස්සයා ඈනුම් යවනවා නේද කියලා ඇහුවා මල්ලිගෙන්. මල්ලි මට වඩා ගොඩක් බාලයි අනික වයසට වඩා පොඩි පාටයි. මන් එච්චර ගණන් ගත්තෙ නෑ ඒක.අපෙ මල්ලි කොහොමත් අදුරන්නැති අය එක්ක කතාවක් නෑ.මොකක්හරි ඇහුවත් හිනාවෙලා ශේප් එකේ ඉන්නව. පස්සෙ ආයෙ ටිකකින් ඒ මිනිහා මල්ලිගෙන් ඉස්කෝලේ මොකද්ද ඇහුවා. මල්ලි ඒකත් කිව්වහම මල්ලි ළගටම පාත් වෙලා මන් ඒ ඉස්කෝලේ ග්රවුන්ඩ් එකේ ෆුට් බෝල් කෝච්ද මොකද්ද කිව්වා. තව මොනවද කියද්දිම අම්මා කෝල් කළා.ඉතින් මට ඒ කියපු එක ඇහුන්නෑ.මන් කෝල් එක ඉවරකරද්දි මල්ලි මූණ අමුතු කරන් ඉන්නවා. මන් ඇයි කියලා ඇහුවට කිව්වෙත් නෑ. සල්ලි ගන්න පෝළිමේ ඉස්සරහ අම්මෙක් බබෙක් වඩන් හිටියා.පොඩි මල්ලි කෙනෙක්. අර මිනිහා ඒ බබාටත් අතින් මොනාද මොනාද කියනවා. ඒ ගමන් ශේප් එකේ හැරිලා මල්ලියි මායි දිහත් බලනවා. මන් හිතන්නෙ මනුස්සයා හිතුවේ මල්ලි තනියම වාඩිවෙලා ඉන්නෙ කියලා. මන් රවලා වගේ බැලුවහම මූ හොරෙන් ඉස්සරහ බලාගත්තා. මට එතන මුකුත් කියන්නත් බෑ. මල්ලිගෙන් ඇහුවහම කියනවා ඒ මිනිහා කියපු එක එයාට තේරුනේ නෑලු. මන් ඉතින් මල්ලිවත් එක්කන් එන්න ආවා. මල්ලිගෙන් කොච්චර මග දිගට එනකන් ඇහුවත් මේ ළමයා මුකුත් කියන්නෑ. බයවෙලා වගේ ඉන්නවා. හවස් වෙද්දි නම් ඒවා මතක නෑ. ආයෙ දගලලා කරලා ඉන්නවා දැන්. මට කියන්න ඕනේ වුනේ සමහර මිනිස්සු ඔය පොඩි ළමයි දැක්කහම එකෙකේවා කියනවා විහිලු කරනවා අනම් මනම් තියෙනවනෙ. ඒවා සීමාවකට තියාගන්න. ඔයාලගෙ ගෙවල්වලත් පොඩි අය ඇතිනෙ. පරිස්සම් කරන්න ළමයි. මිනිස්සු සෑහෙන්න පිරිහිලා. අනිවාරෙන් අද මල්ලිට ඇහුනේ ඒ ළමයට තේරුම්ගන්නවත් බැරි මොකක් හරි නරක දෙයක්. ළමයා කන්ෆියුස් වෙලා හිටියේ. මට මාරම අවුල්.කොහොමත් තරුණ මිනිස්සුන්ට වඩා ඔය නාකි පප්පලාට මාර අහවල් අමාරුවක් තියෙන්නෙ. කල්පනාවෙන් පරිස්සමින් ඉන්න
_Fayette_
@Starluna17 ඔව් අනේ. ඒකමයි අපිත් හිතුවෙ. ඊළගට ඔය වගේ කෙනෙක් දැක්කත් බය වෙන්න ගනී. හරි ඩියර් ❤️
•
Reply
Starluna17
@_Fayette_ අනේ පව් පොඩි එකා..බල කර කර ඇහුවෙ නැති එක කොහොමත් හොඳයි මොකද ඊට පස්සෙ ඒක එයාට මතක හිටින වත් වැඩියි..මල්ලිව තනියම යවන්නත් එපා පරිස්සමින් අනේ ❤️
•
Reply
_Fayette_
@AMI_09_27 මට කෑගහන්නත් බෑ මායි මල්ලි විතරනෙ එතන. අනික මාත් ඔය වගේ ඒවට සෑහෙන බයයි. එපා වෙනවා අප්පා මේ වගේ මිනිස්සු එක්ක
•
Reply