Hiiii.... කොහොමද ඉතිම් ? සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා .
ඇත්තටම මන් මෙහෙම ඕගොල්ලො එක්ක කතා කරන්නෙ පළවෙනි වතාවට . ඉතින් මට කියන්න ඕනෙ මේකයි ,
A/Ls දිගින් දිගටම කල් යන නිසා එපා වෙලා හිටිය මන් කල්පනා කරා අපි මොනවද මේ කරන්නෙ කියලා. මට මතක් උනේ BTS ( ඇත්තටම කිව්වොත් මගෙ bias RM ව - එයා මගේ ජීවිතේ හදාගන්න උදව් කරපු මගේ ජීවිත කතාවෙ වටිනාම චරිතයක්. එයා මට හයියක් උන් නැත්තම් මට අද මෙතනට එන්න බෑ ,මන් හිටපු තැනේ හැටියට , මගෙ දෙමව්පියෝ වගේම එයත් මගේ ජීවිතේ හදාගන්න ගන්න ගොඩක් උදව් කරනවා . ඉතින් ජීවිතේ අනිත් තැන් වලදි වගේම මෙතනදිත් එයා මට උදව් කලා. ) එයා අවුරුදු 18 , 19 වෙනකොට එයාගෙ හීනෙට යන්න පටන් ගත්තා. එයාටම කියලා අනන්‍යතාවයක් හදා ගන්න ඒ අඩිතාලම හදා ගත්තා. ඉතින් ඒ ගැන කල්පනා කරනකොට මට හිතුනේ ,මන් මේ මොනවද කරන්නෙ කියලා , මටත් හිතුනා මගේම කියලා අනන්‍යතාවයක් හදා ගන්න. මන් කැමති දේ , මට පුළුවන් දේ වෙනුවෙන් මහන්සි වෙන්න. ඉතින් ඒ නිසාම මන් තීරණයක් ගත්තා A/L stress එක නැති වෙන්නත් එක්ක wattpad එකේ කතාවක් ලියනවා කියලා. එහෙම හිතලා තමා මන් මගේ පළවෙනි කතාව වෙච්ච AMANDA ලියන්න ගත්තෙ. ඒකට මට හිතුවටත් වඩා හොද ප්‍රතිචාර හම්බුනා. ඒ වෙනුවෙන් මන් ආයෙමත් මගේ ආදරණීය පාඨක පිරිසට ස්තූතියි කියන්න මේක අවස්ථාවක් කරගන්නවා .
ඉතින් මන් අද අහම්ඹෙන් වගේ මට දැන ගන්න ලැබුනු @Ceylon_bloomers විසින් සංවිධානය කරපු Ceylon bloomers award ceremony එකේ Best Wattpad Original Story Writer විදියට ශූරතාවය හිමි කර ගෙන තියෙනවා. ඒක ඇත්තටම මට ලොකු ජයග්‍රහණයක්. මට මෙච්චරයි කියලා විස්තර කරන්න බැරි තරම් සතුටක් මන් අත් විදිනවා. ඇත්තටම මන් මේ කර්තව්‍යය වෙනුවෙන් මහන්සි වෙච්ච ceylon bloomers සංවිධානයේ හැමටම මගෙ හද පිරි ප්‍රණාමය පුද කරනවා. ඒගොල්ලො තමා මගෙ දක්ශකමට වටිනකමක් දුන්නෙ . Thank you so much ❤️ , ආදරෙයි ගොඩාක්
ඉතින් මට ඕන උනේ මගේ මේ පුංචි ඒත් ටිකක් දිග මගේ කතාව ඕගොල්ලන්ට කියලා Ceylon bloomers ලට ස්තූතියි කරන්න .
අමාරුවෙන් හරි කියෙව්වට Thank You
තව දෙයක් . මම AMANDA දැනට නවත්තලා තියෙන්නෙ එන පෙබරවාරි A/Ls නිසා. ඒකට මට සමා වෙන්න.
Exams ඉවර වෙච්ච ගමන්ම මන් පුළුවන් තරම් ඉක්මණින් කතාව දෙන්නම්
පරිස්සමෙන් ඉන්න හැමෝම , ආදරෙයි ️
Thank you
May God Bless You