_jesmine_

Hola ;-)

_jesmine_

ඉපදෙන්නෙ නිකන්ම පැන්සල් ඉරි විතරක් තිබුණ චිත්‍රයක් තියාගෙන.. ටික ටික ලොකු වෙද්දි වඩිහිටියෙක් වෙනකම් ඒ චිත්‍රය දෙමාපියො සහෝදරයො කියන චිත්‍ර ශිල්පියො හරි ලස්සනට පාට කරනවා.. ගොඩක් අයට ඒ කාලසීමාව ඇතුලත නිවැරදි කිරීම් කඩතොලු මුකුත් නැහැ. 
          
          ඊට පස්සෙ ඉන්ඩිපෙන්ඩන්ට් වෙන කාලෙ ආවම කොහේදො නැති අමුත්තෙක්ට දොර අරිනවා.. "අනේ මට ඉන්න දෙන්න" කියං එන සරණාගත ආගන්තුකයට අනේ හොදයි කියලා ඉන්න දෙනවා. ඌ චිත්‍ර ශිල්පියෙක්ද නැත්තම් ත්‍රස්තවාදියෙක්ද කියලා නොදැනම අපි උට පින්සල දෙනවා "මගෙ චිත්‍රෙ ඉතුරු ටික පාට කරන්න කියලා." සින්නකර ඔප්පුවක් දුන්නොත් චිත්‍රශිල්පියෙක් වේවා ත්‍රස්තවාදියෙක් වේවා මැරෙනකම් ඌව තියාගන්න වෙනවා. කුලී පදනමට දුන්නොත් මොකෙක් හරි එක්කො ලස්සනට පාට කරලා ඉවර කරලා යන්න යයි. නැත්තම් තිබ්බ ටිකක් නැති කරලා යන්න යයි. ඔන්න ඕකයි සරලවම ජීවිතේ වෙන්නෙ. 
          
          තීරණය ඔබ සතුයි! කුලියට හරි සින්නකරේට හරි ඔයාගෙ ජීවිතේ කියන ගෙදරට වද්ද ගන්නෙ පින්සල හුරු චිත්‍ර ශිල්පියෙක්ද? නැත්තම් තුවක්කු කිනිසි හුරු ත්‍රස්තවාදියෙක්ද කියලා. 
          
          
          ලබන අව්රුද්දට පොඩි ඉඟියක්.. ❤️
          
          

_jesmine_

කාලෙකිම් නේද? 
          
          පහුගිය ටිකේ බිසී උන හින්දා මේ පැත්ත බලන්නවත් බැරි උනා.. පුදුම සහගත දේවල් ගොඩක් සිද්දත් උනා. 
          
          මං හිතන්නෙ එයා ඇත්ත තේරුම් ගන්න ඇති. බ්‍රහස්පතින්දා රෑ ඉස්කෝලෙ ඩිබෙට් එකට පුරුදු වෙවී ඉද්දි අහම්බෙන් වගේ දැක්කෙ හුරුපුරුදු නම්බරේකින් මගෙ ෆෝන් එකට ඇවිත් තිබුන මිස් කෝල් එක. මගෙ කකුල් දෙක වෙව්ලන්න ගන්න. හදවත හුරුපුරුදු නුපුරුදු හැගීමකින් වෙලෙන්න ගත්තා.. ඔව් ඒ හැගීම දැනෙන්නෙ ඒ අවස්ථාවකට පත් උන කෙනෙක් ⁣විතරයි. ඇස් වල කදුලු පිරුණා. මාස හයකට පස්සෙ අළු පාටින් පෙනුන DP එක වර්ණවත් වෙලා තිබුනා. මාස ගානක් ගිහිල්ලා උනත් මගෙ නම්බරේ තවමත් ඒ ෆෝන් එකේ සේව් වෙලා තිබ්බා.අනාගතේ ⁣මොකක් වෙයිද මං දන්නෙ නෑ.. ඒත්.....................
          
          අනේ මංදා ඒක මට කියන්න තේරෙන්නෙ නෑ.. :-)❤️
          
          ඔයාලා හැමෝම හොදින් ඉන්නවා නේද?

MaNeEsHaGeTHaNjaLi

අනෙ කුක්ගෙ කතාවක් දෙන්නකො ❤️

MaNeEsHaGeTHaNjaLi

@_jesmine_ අනෙ හරි ඒයි.. හොදට පාඩම් කරලා එක්සෑම් කරන්න. Fighting ❤️
Reply

_jesmine_

@MaNeEsHaGeTHaNjaLi  liyna eka tika kalekta nawattla thiyenne cudu exam hinda. Exam iwara unama blmuko ❤️
Reply

_jesmine_

ආදරයෙන් ලියමි.
          
          වසරකට පෙර මතක 
          පාරන හිතේ අරුමෙක 
          කදුලු පිරි කළු දෑසක 
          දන්නවද උබ විරහවේ රස 
          
          තවමත් ඉද හිට රෑක 
          දෑසේ අයිනෙම කදුලක 
          පේනෙ උබෙ රූපෙක 
          දන්නවද මම ආලෙ සෙව් බව 
          
          නැති බව තාම අමතක 
          සගවලා ගැඹුරු පතුලක 
          නිවාගන්නට තනන හිතක 
          දන්නවද උබ රිද්දපු තරම 
          
          
          (මේ අට වෙනි මාසෙ නේද ඇත්තට ;-))

_jesmine_

අප්ඩේට් නැති එකට සමාවෙන්න. මං ඉන්නෙ ලියන්න පුලුවන් මානසිකත්වෙක නෙමෙයි.. බොහෝ විට එක්සෑම් ඉවර වෙනකම් මගෙ පොතක් අප්ඩේට් නොවේවි. 
          
          පහුගිය අවුරුදු දෙකක කාලෙ ඇතුලත මගෙ ජීවිතේ හිතුවෙවත් නැති විදියට වෙනස් උනා.. මට ඒක වචන කරන්න තේරෙන්නෙ නෑ.. දකින දකින මොහොතක් ගානෙම අඩන්න වෙන්නෙ තව මාස කිහිපයයි කියලා දන්නවා. ඊට පස්සෙ ⁣කවදාවත්ම සමහරවිට මුණ නොගැහේවි..( විභාග රිසාල්ට් අරං එයාගෙ තාත්තව හම්බෙන්න ගෙදර ගිහින් මාමාණ්ඩියෙ මං උඩින්ම පාස් කියලා එන්න හිතන් ඉන්න එක වෙනම කතාවක්.)  ඊට පස්සෙ අමතකම වෙලා යාවී. ඒත් මේ මාස කිහිපය මං අල්ලගෙන ඉන්න ඕනෙ. මං ශක්තිමත් වෙන්න ඕනෙ. කවරු නැතත් මං දිනනකම් අම්මයි තාත්තයි ඉන්න බව මං තේරුම් ගන්න ඕනෙ..එයාලා වෙනුවෙන් මං දිනන්න ඕනෙ. මාව අතඇරපු අයට පසුතැවෙන්න සිද්ධ වෙන්න ඕනෙ.
          
          ඉතිං හිතුනා හැමදේකින්ම ටික කාලෙකට ඈත් වෙන්න.. ආයෙ කවදක අප්ඩේට් කරයිද දන්නෙ නෑ. ඒත් ආපහු අව්රුදු දෙකකට කලිං මාව හොයාගත්ත ගමන්ම මම එනවා. 
          
          ආදරෙයි හැමෝටම❤️
          
          

_jesmine_

@bhtrf56ygeex thnks akka ✨️❤️
Reply

hobic0re7

@_jesmine_ sending you all the strength and love ❤️
Reply

_jesmine_

හැමෝටම ඉන්න ඕනෙ යාළුවෙක්, 
          අඩන කොට ඔලුව තියාගන්න, 
          යනයන තැන පරිස්සම් කරන්න, 
          වැටුන හැම තැනකම අත දීලා නැගිට්ටන්න, 
          දුක දැනෙන ඕනෙම වෙලාවක හිනස්සන්න.. 
          
          තදින් අල්ලගෙන හිටිය බැදීම් සුනුවිසුනු වෙලා තිබ්බත් එහෙම යාළුවෙක් ඉන්න එකට ඇත්තටම මං මගෙ ජීවිතේට ස්තූතිවන්ත වෙන්න ඕනෙ. 
          
          මීට,
          ෆීල්ඩ් විසිට් එක යනකම් පිස්සෙක් වගේ නටලා අන්තිමේ හොදම යාළුවගේ ෂ'ට් එකත් පොරවන් උගෙ කකුල උඩින් ඔලුව තියං ෆුඩ් බෝඩ් එකේ ඉදගෙන හොටු පෙර පෙර අඩපු මම.. ;-)

Rawanask

@_jesmine_ අනිවාර්යයෙන්
Reply

ParkJUNGMI2007

@_jesmine_ atta eth ehm yaluwo labanna pina thiyenne one ehm yaluwek hitiya eth thawa duratath naha
Reply

_jesmine_

සද එලිය නැති ඝන අදුරේම 
          ඉකිබිදින හඩ ඇසුනාද? 
          හලපු කදුලැලි දුටුවාද?
          ඉල්ලුවේ නුබම බව 
          දැනුනාද? 
          තවම ඉඳහිට රිදී නුලක් 
          හදේ මැද්දම කපන බව
          දන්නවාද? නුබ දැක්කාද?
          තැනක් නොතැනක් නැතිව උනුහුම් 
          වැටෙනා  කදුලුත් දුටුවාද? 
          තවම මතකෙට එන්නෙ ඇයි උබ 
          යනවනම් පලයං යලි නේන්න.. 
          
          
          (එයාගෙ හොදම යාළුවා තව කෙනෙක්ගෙ දුක තේරුම් ගන්න පුලුවන් කෙනෙක් උන හින්දා මම සතුටින්)

_jesmine_

@winterrnight_99 godak aya eka therum gnne eth parakku wela 
Reply

winterrnight_99

@_jesmine_ deyk nathi wenna one watinama dewal hambenna ❤
Reply