නුගේගොඩ ක්ලාස් යනවා කියන්නේ අමුතුම මෙව්වා එකක් ළමයි.මංදා මේ ලෝකේ ඉන්න මනුස්ස කොට්ටාසයක්ම එතෙන්දි බලාගතෑකි.විවිධාකාර ජීවිත.BMW , Benz වලින් බැහැලා ක්ලාස් එන ළමයි, හද්ද පිටිසර ඉඳලා කලින් දවසෙ බස් එකේ ඇවිල්ලා පහුවදා පන්තියෙ පැය තුන ඉඳල යන ළමයි, පට්ටම මීටර් (හැමදාම ස්ටේජ් එකට නගිනවුන්), හැමදාම පස්සෙම පේලියෙ වාඩි වෙන ජීවිතේ ගැන මෙලෝ තැකීමක් නැති උන්, ඔය දෙකටම නැති මැදහත්ව ශේප් එකේ තමන්ගේ ගේමක් ගහන උන්,අහිංසකකමට කොණකට වෙලා ඉන්න උන්, මැරයො,එකේක ජාතීන්වල ළමයි, හැම ජාතියෙම කපල් මේ තව කී නොකී ඔක්කොම එව්වගේ මික්ස් එකක් තමා නුගේගොඩ ක්ලාස් එන්නේ.
ලංකාව පට්ට විවිධත්වයක් තියෙන ලස්සන රටක් අප්පා එකාතකට.නූගත් මානසික මට්ටම සහ සාරධර්ම පිරිහීම තමා ඉතින් මේ සේරටම මුල.ම්හුක්ක්...
2024/07/21