සුභ උදෑසනක් හැමෝටම! මාව පේනවද?
අද මම මෙතනට ආවේ ඔයාලා එක්ක දෙයක් බෙදාගන්න. ඒක මට විශේෂයි.. ඔයාලට කොහොම වෙයිද දන්නේ නෑ..
ඒ මොකක්ද කියලා කිව්වොත්, මං මේ නොදන්නවා වගේ හිටියට Wattpad එකෙන් පිට මිනිස්සු මට කියන දේවල් මං ඉතින් එහෙන් මෙහෙන් දන්නවා, මොකද ඉතින් ඒවා ඇවිත් මට පෙන්නනවා.. මට ඒ දේවල් ගැන කියනවා.. ඒවා මම ගනන් නොගන්න එක වෙනම දෙයක් වුනාට මගේ වටේ මට ලග ඉන්න එක මනුස්සයෙක්ට හරි අවුල් යන එක මට දුකයි..
ඉතින් මං මේ කියන්න ආවේ ඇයි මං ආයේ Wattpad එකට ආවේ කියන්න හේතු දකුවන්න.. (අවංකවම මට එහෙම කරන්න අවශ්ය නැතත්). හරි… මං ආයේ Wattpad ආවේ හේතු 2 ට.
1. Fake Liversackලා ට මිනිස්සු රැවටෙන එක අඩු කරන්න.. මොකද දැන් හොයන කෙනෙක්ට හරි ඉන්නවා හොයාගෙන එන්න හරි කෙනෙක්.
2. මට කම්මැලි වුන වෙලාවට හිතට එක මොනවා හරි දෙයක් ලියන්න..
ඉතින මේ account එක මං මැරෙන දවසක් වෙනකල් තියෙයි. ඊට පස්සෙත් තියෙයි. මගේ සද්දයක් නැති වෙද්දි Wattpad එක අයිති නැන්දලා මාමාලා අයියලා අක්කලා මාව අයින් කරනකල්.. සහ ඕනම කෙනෙක්ට ඕන දෙයක් ඇවිත් මේ massage board එකේ ලියන්න පූර්ණ නිදහස තියෙනවා.. මං ඒ කිසි දෙයක් delete කරන්නේ නෑ (˶˃ ᵕ ˂˶) . මොකද මං ඒවා දකින්න කිසිම social media platform එකක නෑ.
කොහෙම හරි මේ account ආයෙම open කරද්දි මාග් හිතේ තිබුනේ එකම එක දෙයයි ළමයි.. ඒ මට ඉස්සර හිටපු කෙනා වගේ ඉන්න ඇත්තන් කියන එක විතරයි.. අවංකවම. ඉස්සර මට කිව්වේ Liversack කියලා නෙවෙයි.. ඒ කාලේ මාව දන්න අතලොස්ස මට කිව්වේ මං අදහපු කෙනෙක්ගේ නම (˶˃ ᵕ ˂˶). ඉතින් ඒ තරම් දෙයක් මට තවත් නෑ.. ඒ කාලේ මට මහ ගොඩක් followers හිටියෙත් නෑ. ලිව්ව ඒවා කියෙව්වේත් සීයටකටත් අඩු ගානක්.. ඒ කාලේ මං පොඩියි.. මහ වයසක් නෑ.. මට යාලුවෝ නෑ, මහ ලොකුවට දෙස් දෙවොල් තියන්න අය නෑ, එහෙමයි කියලා මාව වර්ණනා කරන්නත් අය එහෙම හිටියේ නෑ.. දන්නවද ඒ දවස් වල මං දවසට chapters 3 ක් upload කරා! 3 ක්! ꉂ(˵˃ ᗜ ˂˵)
(ඉතුරු ටික යට)